තෙවන තැන දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඩිල්මිට සහ මයුරිට විශේෂ ඇගයීම්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

DUEBALL න්‍රීඩාව තවමත් එතරම් ප්‍රචලිත නැති, නෙට්බෝල්, හෑන්ඩ්බෝල් මෙන්ම බාස්කට්බෝල් වැනි ක්‍රීඩාවන් හී හැඩය සහිතව නිර්මාණය වූ ක්‍රීඩාවක්. මෙහි පළමු ආසියානු සූරතාවලිය ඉන්දියාවේ මුම්බායි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වුණා.එහිදී පිරිමි අංශයෙන් බංගලාදේශය,ඉන්දියාව,ඉරාකය සහ ශ්‍රී ලංකාව සහභාගි වූ අතර කාන්තා අංශයෙන් ඉන්දියාව,ඉරාකය සහ ශ්‍රී ලංකාව සහභාගි වුණා


මෙහිදී පිරිමි අංශයේ සූරතාවය දිනා ගන්නට සමත් වුණේ ඉරාක කණ්ඩායමයි.අනු සූරතාවය ඉන්දියාවට සහ තෙවන තැන බංගලාදේශයට හිමි වුණා.කාන්තා අංශයේදීත් සූරතාවය දිනා ගන්නට සමත් වුණේ ඉරානයමයි.දෙවන තැන ඉන්දියාවට සහ තෙවන තැන ලංකාවට හිමි වුණා.කාන්තා අංශයේ දී ශ්‍රී ලංකාව කණ්ඩායම් තුනක් අතරෙන් තුන්වන තැනට පැමිණිය ද,තරගායලියේ තරු ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්මි දාබරේ සමත් වුණා.එසේම හොඳම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව බවට පත් වුණේ ද ශ්‍රී ලංකාවේ මයුරි ඉයාදුරෙයි නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් ඇතැම් ක්‍රීඩිකාවන් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වුව ද,එය සම්පූර්ණ කණ්ඩායම් චිත්‍රය නොවුණ බැවින් කණ්ඩායමක් හැටියට කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට හැකි වුණේ නැහැ.


තරගාවලියේ වීඩියෝ දර්ශන පෙළ නරඹන විට ඒ සඳහා සුදුසු පුහුණුව සහ කැපවීමෙන් තොරව ක්‍රීඩාවක් ලෙස විදේශ තරග සංචාර සඳහා සහභාගිවීමට සාමාන්‍යයෙන් සකසා ගන්නා නව ක්‍රීඩාවන්ට අදාළ සංගම් සහ සම්මේලන වැනි ස්වභාවයක් මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ද හිතේ ඇදීම සාමාන්‍ය දෙයක් වුණා.නමුත් ඒ අතරින් ඉහළ දක්ෂතා ප්‍රකට කරන පිරිසක් හඳුනා ගන්නට හැකි වීම යහපත් දෙයක් ලෙස හැඳින්විය හැකියි.


ඒ අනුව මෙම කාන්තා කණ්ඩායම නැගෙනමිර පළාත නියෝජනය කළ මඩකලපුව බැටී එම්පයර් ක්‍රීඩා සමාජය නියෝජනය කළ කණ්ඩායමක් වූ බැවින් නැගෙනහිර පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිිවිසි වත්මන් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් විසින් එම කාන්තා කණ්ඩායම ඇගයීමට ලක් කරන්නට යෙදුණා.


නාවලඩි හී පැවති මෙම ඇගයීමේ උපහාර උත්සවයේදී අමාත්‍යවරයා අතින් තෙවන ස්ථානය දිනූ කණ්ඩායමට පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කෙරුණා.
වඩාත් ප්‍රචලිත නැති මෙම ක්‍රීඩාව ගැන දැන ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ගැන යම් අවබෝධයක් ලබා ගැනීමටද සමස්ත තරගාවලියේ තරග දක්ෂතා නැරඹීමට පහත සබඳතාවයෙන් පිවිසීමේ හැකියාව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...