මධ්‍යම ලයිබීරියාවේ ඉන්ධන ප්‍රවාහන ටැංකියක් පිපිරී 40කට වැඩි පිරිසක් මියයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්ධන ප්‍රවාහන ටැංකියක් පෙරළී පුපුරා යාමෙන් , මධ්‍යම ලයිබීරියාවේ පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරී Francis Kateh ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ , මොන්රෝවියා අගනුවර සිට කිලෝමීටර් 130ක් පමණ දුරින් පිහිටි Totota නගරයේ මාර්ගයක් ඔස්සේ මෙම ටැංකිය පෙරළී ඇති බවයි.

ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ , අවට සිටි මිනිසුන් ටැංකියෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා එම ස්ථානයට දිව ගිය විගසම එය පුපුරා ගිනිගෙන ඇති බවයි.

මියගිය අය අතර ගැබිනි කාන්තාවක් ද සිටි අතර, සමහර සිරුරු පිළිස්සී අළු වී ඇති බව වෛද්‍ය Francis Kateh පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ , තුවාල ලැබූ 83 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර වඩාත් බරපතල තුවාල ලැබූ රෝගීන් ප්‍රතිකාර සඳහා මොන්රෝවියා හි රෝහල් වෙත මාරු කර යවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...