ඩෙංගු ව්‍යාප්තියේ ඉහළම රටවල් 30 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි!

කොළඹ LNW: ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින ලොව ඉහළම රටවල් 30 අතරට ශ්‍රී ලංකාව ද ඇතුලත් ව සිටියි.

ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයකයි එය දැක්වෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතරට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය හා තායිලන්තය යන ආසියාතික රටවල් අයත්.

2000 සිට 2019 දක්වා ගත වූ වසර 19ක කාලය තුළ ලොව පුරා රටවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයේ සිට මිලියන 5.2 ක් දක්වා දස ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරන බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව 2019 වසර වන විට ලොව පුරා රටවල් 129 ක ඩෙංගු රෝගය පැතිර ගොස් තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...