ජාතික ක්‍රීඩාවේ කොල්ලන් මධ්‍යම ආසියාව අල්ලයි

Date:

බංගලාදේශයේ පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ පිරිමි අංශයේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ අවසන් තරගයේදී සත්කාරක බංගලාදේශයට එරෙහිව වට 3- 0 ජයග්‍රහණයකට හිමිකම් කියමින්.

මූලික වටයේදී දෙපිල හමු වූ විට බංගලාදේශය එක වටයක් ජය ගත්තද අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එවැනි බුරුලක් බංගලාදේශයට ලැබුණේ නැත.පළමු වටයේදී පමණක් ඔවුන් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උදුරා ගන්න මට්ටමට පැමිණියද,එය ද ව්‍යර්ථ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම වටයද 28 – 26 ක් ලෙස ජය ගත්හ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උස්බෙකිස්තානය ඉදිරියේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්නට වූ නිසා තරගාවලියේ නිමාවේ ඔවුන්ට හිමි වුණේ තෙවන තැනය.නමුත් එහිදී ද තරගාවලියේ දක්ෂතම ප්‍රහාරිකාව වෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රීතිකා ප්‍රමෝධනී සමත් වූවාය.

සූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් මතු අනාගතය ගැන පැහැදිළි විශ්වාසයක් ගොඩ නඟමින් ක්‍රීඩා කළ අතර ඒ අතරින් මහේල ඉන්දීවර සහ ධනුෂ්ක ප්‍රනාන්දු පිළිවෙලින් දක්ෂතම ප්‍රහාරකයා සහ පන්දු ඔසවන්නා වුහ.

ධනුෂ්ක ප්‍රනාන්දු

මහේල ඉන්දීවර
සූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායම සහ තෙවන ස්ථානය දිනා ගත් කාන්තා කණ්ඩායම

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...