වාණිජ්‍ය බැංකු සතු ඩොලර්වලින් 25% ක් මහ බැංකුවට

Date:

මෙරට වාණිජ්‍ය බැංකු සතු ඩොලර් සංචිතවලින් 25% ක් මහ බැංකුවට ලබාදිය යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දෙසැම්බර් 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව වාණිජ්‍ය බැංකුවලට රඳවා ගත හැක්කේ ඩොලර්වලින් 75% ක් පමණි.

විදෙස් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් නිකුත් කිරීම වාණිජ්‍ය බැංකු මගින් හැකිතරම් සීමා කර ඇති අතර මේ නිසා ආනයනකරුවන් බරපතල ගැටලුවකට මුහුණ දී සිටිනවා. පසුගිය සතියේදී වාර්තා වූයේ ආනයනය කළ භාණ්ඩ අඩංගු කන්ටේනර් 1500 කට වැඩි ප්‍රමාණයක් වරායේ ගබඩාවල සිර වී තිබෙන බවයි.

මහ බැංකුව විසින් ගෙන ඇති නවතම තීරණය අනුව වාණිජ්‍ය බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම තවදුරටත් සීමා වියහැකි බවත් මේ නිසා ආනයනකරුවන් තවදුරටත් අර්බුදයට යාහැකි බවත් ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...