ට්විටර් මස්ක්ගේ පෞද්ගලික දේපලක් වී හමාරය…

දැන් ජාත්‍යන්තර සමාජ මාධ්‍යවල පුවත් මවන්නන් අතර ප්‍රධානතම චරිතයක් වී තිබෙන්නේ ට්විටර් සමාගමේ වත්මන් හිමිකරු ඊලෝන් මස්ක්. ට්විටර් සමාගම මිලදී ගැනීමට පෙර සහ යන පසු යන අවධි දෙකේම ඔහු විසින් මනාව මෙය ඔප්පු කර ඇති බව දකින්න ලැබුණා.

ඊයේ (28) දිනයේ ද මස්ක් අලුත්ම මාතෘකාවක් කරලියට ගෙන තිබෙනවා. ඒ මස්ක් තම නිල ට්විටර් ගිණුම තුළ පළ කළ මීමයක් හරහා.

මෙම මීමය පළ කරමින් ඊලෝන් මස්ක් පවසන්නේ තමා මොළ ශෝධනයට ලක්ව නොමැති බවයි. “I’m not brainwashed,” මස්ක් තම ට්විටර් ගිණුමේ සඳහන් කරනවා.

වාමාංශික මත දැරීම, විවිධ ලිංගික අනන්‍යතා දැරීම, කලු ජාතික ප්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම් ඇතුළු ආන්තීකරණ ගැටළු ආමන්ත්‍රණය කිරීම, ආන්තීකරණ ගැටලු අන්තර්ආංශික මුහුණුවරකින් කතා කිරීම, ස්ත්‍රීවාදී වීම, සමාජ මාධ්‍ය පරිහරණය කිරීම, මාධ්‍ය විසින් පළවන දෑ පිළිබඳ විශ්වාස කිරීම, අධ්‍යාත්මික වීම වැනි කරුණු තනි කුලකයක පිහිටන බවත්, එම කුලකයේ සිටින අයකු විසින් ඇමරිකානුවකු වීම පිළිබඳ අභිමානයෙන් පසුවන්නකුට ඔහුගේ මොළය සුද්ද කර ඇති බව පවසන බවත් එම මීමයෙන් හැඟවෙනවා.

ට්විටර් සමාගම මිලදී ගැනීමට පෙරාතුව පටන්ම මස්ක් කියූ භාෂණයේ නිදහස මෙයයි..

මෙම මීමය ඕනෑම අයෙකුට ඕනෑම ආකාරයකින් අර්ත නංවන්න පුළුවන්. මේ ගැන විග්‍රහ දීමට යාමෙන් පළක් නැහැ. මස්ක් ගේ කෙරුවාව ගැන විචාර ලිව්වාට පළක් නැහැ, ඒ ගැන සංවාද ගොඩනැඟුවාට ද පළක් නැහැ.

මන්ද ට්විටර් වේදිකාව දැන් මස්ක්ගේ පෞද්ගලික දේපළක් වී හමාරය. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතුනු තැන සිට රිලේ ධාවනයට මස්ක් යෂ්ඨිය අතට ගෙන අවසන් ය..

ප්‍රමෝද් චින්තක පීරිස් | අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...