*
Friday, March 29, 2024
spot_img

Latest Posts

නීති අධ්‍යාපනය නියාමනය කරගත යුතුමයි. නැතිනම් සේවාදායකයින්ට අගතිදායකයි – අමල් (VIDEO)

නීති අධ්‍යාපනය නියාමනය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවත් එසේ නොවන්නේ නම් එය මුළු මහත් නීති පද්ධතියටම බරපතළ හානියක් බවත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මහලේකම්, නීතීඥ අමල් රන්දෙණිය මහතා පවසයි.

“අපි දැක්කා 2013 – 2016 වගේ වෙද්දී අවුරුද්දකට නීතීඥවරුන් 2000 කට වගේ ආසන්න ප්‍රමාණයක් එළියට එනවා. මේක ඇත්තටම අපේ රටට ඔරොත්තු දෙන ප්‍රමාණයක්ද කියන එක ප්‍රශ්නයක්. මොකද ආජන්ටිනාවේ LLB උපාධිය ගත්ත බස් කොන්දොස්තරලා ඉන්නවා. ඒගොල්ලො ඒක නියාමනය කරගෙන නැති හින්දා. එතකොට අපි බැලුවා මේ ප්‍රශ්නය ගැන. එතකොට ඒ කාලේ ආවා එට්කා ගිවිසුම ඉන්දියාව එක්ක අත්සන් කරන්න ඕනෙය කියන කතාව. ඒකෙ තිබුණා වෘත්තීයවේදීන්ට මේ රටවල් දෙක ඇතුළෙ හුවමාරු වෙන්න පුළුවන් කියලා. එහිත් දැක්කා ඉන්දියාවේ නීතීඥවරුන්ට ලංකාවට ඇවිල්ලා මෙහේ උසාවිවලට යන්න හැකියාව තියෙනවා කියන එක. දැනුත් ඒක වෙනවා වෙනස් ආකාරවලින්. එතකොට මේක වහාම නියාමනය කරගත යුතුයි. ඒ අනුව තමයි අපේ ඇස් ඇරිලා – ඒ කාලෙ හිටිය අගවිනිසුරුතුමා අපේ ශ්‍රී පවන් මැතිතුමා – මම නීතීඥ සංගමය නියෝජනය කරමින් නීති අධ්‍යයන සභාවේ මම ගිහිල්ලා ඉල්ලීමක් කළා, මේ වැඩිවෙන ප්‍රවණතාවය අපි අඩු කරගත යුතුයි, නීති අධ්‍යයන සභාවට හැකිවිය යුතුයි මේ දිනපතා වැඩිවෙන ප්‍රමාණය නියාමනය කරගන්න කියලා. මොකද අපේ රටේ ජනගහණයට සමානුපාතිකව 1200 දෙනෙකුට එක්කෙනෙක් තමයි නීතීඥවරයෙක් ඉන්නෙ. නමුත් දියුණු රටවල ඒක සාමාන්‍යයෙන් 300 : 1 යි. අපට තව නීතීඥවරු මේ රටට එන්න පුළුවන්. නමුත් අභාග්‍යයකට ලංකාවේ උසාවිවල නඩු තියෙන්නෙ බහුතරයක්ම – මහේස්ත්‍රාත් උසාවියක ලක්ෂ 8ක් විතර නඩු තියෙනවා – ඒකෙන් බහුතරයක්ම මේ කසිප්පු, මත්ද්‍රව්‍ය සහ ට්‍රැෆික් නඩු. එතකොට අපේ ජනතාව වෙන රටවල වගේ නීතිමය පිළිසරණට යාමේ තියෙන හැකියාව අඩුයි මෙහේ. එතකොට මෙච්චර ප්‍රමාණයක් නීතීඥවරු ඉද්දී ඔවුන් වෙන වෙන ක්‍රමවලින් මුදල් හොයන්න පෙළඹෙනවා. මේ නීතීඥ වෘත්තියේ තියෙන උසස්භාවය එන්න එන්න පල්ලෙහාට යනවා. ඒක අපි දකිනවා සහ මේකෙ තියෙන නරකම දේ තමයි අර සේවාදායකයාට වෙන අගතිය. හොඳ නීතීඥවරයෙක් බිහිකරන්න නීති විද්‍යාලයට බැරි නම් එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ අර සේවාදායකයාට වෙන අගතිය. ඒක මුළු මහත් නීති පද්ධතියටම වෙන බරපතළ හානියක්”

නීතීඥ අමල් රන්දෙණිය මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සංවාදයකට එක්වෙමිනි. අමල් රන්දෙණිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම්වරයකු සහ නීති අධ්‍යන සභාවේ හිටපු සාමාජිකයකු ද වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan