නදීකා සහ චතුරිකා මධ්‍යම ආසියාවම දිනයි

Date:

බංගලාදෙශයේ කොස් බෂාර් හී ක්‍රියාත්මක වුණ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා සූරතාවය දිනා ගන්නට නදීකා බණ්ඩාර සහ චතුරිකා මධුශානි සමත් වුණා.ඔවුන් විසින් මේ ජයග්‍රහණය සඳහා යාමේදී කිසිඳු තරග වටයක් ජය ගන්නට ප්‍රතිවාදීන්ට අවස්ථාව නොදෙමින් තරග කිරීම කැපී පෙණුනා.ජාතික වෙරළ වොලිබෝලයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම ලෙස නදීකා ව සහ චතුරිකාව ගෙන ඒමේදි විශාල අභියෝග එල්ල වුවත් ඔවුන් දෙදෙනා ගේ තේරීම වඩාත් නිවැරදි බව මේ තරගයේදි ප්‍රතිවාදීන්ට එල්ල කළ අභියෝගයෙන් පැහැදිළි වුණා.
සත්කාරක බංගලාදේශය පළමුවරට මුණ ගැසීමෙදී පරාජයට පත් කරන්නට සමත් වූ නදීකා සහ චතුරිකා ඉනික්බිතිව හමු වූ උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන් යුගලය වූ සැටිවොල්දිවා සහ ජමොලෝවා ද ලකුණු 21 – 8 ක් සහ ලකුණු 21 – 9 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරා.ඔවුන් දෙදෙනාට මෙම ජයග්‍රහණය සඳහා වැය වුණේ විනාඩි 44 ක ට ආසන්න කාලයක් පමණයි.
අනතුරුව සූරතාවය තීරණය වන තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ නේපාල කණ්ඩායමයි.උපරෙටී සහ පුන් එම කණ්ඩායම නියෝජය කළ අතර එම තරගය වට 2-0 ක සේ ජය ගැනීමට නදීකාට සහ චතුරිකාට ගත් වුණේ විනාඩි 41 ක කාලයක් පමණයි.එහිදී ලකුණු සටහන තරගය අවසානයේ දැක්වුණේ ලකුණු 21 – 11 සහ 21 – 11 ලෙසයි.
තරගාවලිය සමාජ මෘදය ඔස්සේ විකාශනය කිරීමේදී බංගලාදේශය තමන්ගේ සංචාරක කර්මාන්තය හා බැදුණු ප්‍රධානම වෙරළ තීරය වන ගිණිකොන දිග වෙරළ තීරය වන කොස් බෂාර් හී වෙරළේ විනෝදාංග වෙත විශාල අවධානයක් යොමු කරවන්නට සමත් වුණා.තරගයෙ ඉසිඹුලන හැම තත්පරයම ඔවුන් කැමරාව වෙරළ තීරයේ ක්‍රියාකාරකම් වෙත රැඳ වූ අතර සමහර අවස්ථාවල කරගයේ උද්වේගකර බවටත් වඩා ඒ ගැන අවධානය යොමු කළ අවස්ථාද තිබුණා.කෙසේ හෝ ලංකාවේ මෙවැනි තරගාවලියක් පැවත් වූවානම් එම වෙරළ මල වෙරළක් කර ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් සියළු ක්‍රියාකාරකම් නවතන්නට තිබුණා යැයි සිතෙන විට ඔවුන් එම අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය රටක් හැටියට අපට පාඩම් සැපයීමක් වුණා.
එසේම ඔවුන් සිය රටේ නිෂ්පාදන කේෂ්ත්‍රයේ නව්‍යතා මතු කරන අකාරයෙන් අනුග්‍රහ දැන්වීම් පවා යොදාගෙන තිබීමත් කැපී පෙණුනා.වෙරළ කාන්තා වොලිබෝල් කණ්ඩායම මෙන්ම රටක් හැටියට ජයග්‍රහණය කිරීමට නම් ලෝකයට මෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක තමන්ගේ වානිජමය මර්මස්ථාන ප්‍රදර්ශනය කරන ආකාරයද රටේ පාලකයන්ට පාඩමක් වේ නම් අපූරුයි.වේගයෙන් ශ්‍රී ලංකාව පසු කර දියුණුව කරා ඇඳුණු බංගලාදේශය ජාත්‍යන්තර ඉසව්වකදී හැසිරෙන ආකාරය දැක ගැනීම පාළකයන්ට පමණක් නොවේ පුරවැසියන්ට ද වැදගත්ය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...