*
Monday, May 6, 2024
spot_img

Latest Posts

කුඩා දරුවන්ට සරම්ප අවදානමක් – අමතර එන්නත් මාත්‍රාවක් ජනවාරි 06

මේ විශේෂ නිවේදනය 2023 අප්‍රේල් 7 සිට 2023 ජූලි 5 (එම දින දෙකද ඇතුලුව) කාලය තුල උපත ලද දරුවන්ගේ මාපියන් / භාරකරුවන් වෙතයි.

මොළයට හානිවීම, නියුමෝනියාව, අන්ධ භාවය, බිහිරි භාවය, දරුණු පාචනය සහ මාරාන්තික සංකූලතා ගෙන දිය හැකි සරම්ප රෝගය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල මෙන්ම ලංකාව තුලද කුඩා දරුවන් අතර පැතිර යමින් පවතී.

වඩාත් අවදානම් සෞඛ්‍ය දිස්තික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ හඳුනාගෙන තිබේ.

මේ තත්වය සලකා බලා අධි අවදානම් සෞඛ්‍ය දිස්ත්‍රික්වල , 2024 ජනවාරි 06 වැනි දිනට මාස 6 – මාස 9 වයස් කාණ්ඩයේ පසුවන සියලූම දරුවන්, සරම්ප රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට සැළසුම් කර තිබේ.

2024 ජනවාරි 6 වෙනි දින උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා ඔබට ආසන්නයේම ඇති එන්නත්කරණ සායනයෙන් මෙම අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාගැනීමේ හැකියාව පවතී.

මෙය මාස 9 දී සහ අවුරුදු 3 දී දැනට ලබා දෙන සරම්ප එන්නත් මාත්‍රා දෙකට අමතරව ලබා දෙන අතර එම එන්නත් වර්ගයම (MMR) භාවිතයට ගැනේ.

මින් පෙර සරම්ප රෝගය වැළඳී තිබෙන ඉහත වයස් කාණ්ඩයේ අවදානම් දිස්ත්‍රිකවල දරුවන්ටද , අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

ඔබේ ළදරුවා පැතිරයන සරම්ප රෝගයේ ගොදුරක් නොවන්නට දැනුවත් සහ වගකිවයුතු දෙමව්පියන් ලෙස නොවරදවාම ඔබේ යුතුකම ඉටුකරන්න.

~ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan