ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27:
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්ව අනුමත කිරීමේ අගය සිය ජනාධිපති ධුර කාලයේ වාර්තා වූ අවම මට්ටමෙන් සුළු වශයෙන් ඉහළ ගොස් 32%ක් දක්වා පැමිණ ඇති බව Reuters/Ipsos නව ජනමත විමසුමකින් හෙළි වී තිබේ.

මාර්ගගතව පවත්වන ලද මෙම ජනමත විමසුම සඳහා ඇමරිකානු වැඩිහිටියන් 1,679 දෙනෙකුගේ අදහස් ලබාගෙන ඇති අතර, ඉන් 1,280 දෙනෙකු ලියාපදිංචි ඡන්දදායකයෝ බව කියැවේ.

ඔක්තෝබර් 26 වැනිදා අවසන් වූ මෙම ජනමත විමසුමට අනුව, පසුගිය සතියේ 31%ක් ලෙස වාර්තා වූ ට්‍රම්ප්ගේ අනුමත කිරීමේ අගය මෙවර එක් ප්‍රතිශත ලක්ෂ්‍යයකින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍ය කාලීන මැතිවරණයට පෙර කොංග්‍රසයේ බලය රඳවා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය උත්සාහ කරන පසුබිමක මෙම ප්‍රතිඵලය වාර්තා වේ.

මැතිවරණයේදී කුමන පක්ෂයට ඡන්දය ලබා දෙන්නේදැයි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් විමසූ විට, 47%ක් ඩිමොක්‍රටික් පක්ෂයටත් 36%ක් රිපබ්ලිකන් පක්ෂයටත් සහාය පළ කර තිබේ. තවත් 11%ක් තම තීරණය පිළිබඳව අවිනිශ්චිත බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම, ජීවන වියදම ඉහළ යාම පිළිබඳව ජනතාව අතර පවතින කනස්සල්ල ද මැතිවරණයට බලපෑ හැකි ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන ඇති අතර සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 73%ක් පවසා ඇත්තේ තම ජීවන වියදම සම්බන්ධ තත්ත්වය වැරදි දිශාවකට ගමන් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...