ඉන්දියන් සාගරයේ අද (29) භූ කම්පන 4ක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ සිදුවූ භූ කම්පනයත් සමඟ
එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි.

අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බව, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසුවේය .

මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇත.

සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...