*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

සුරදූතයෙක් ….

ජීවිතේ එකම එක වතාවක්
ඔබට
සුරදූතයෙක් හමු⁣වෙයි…
අම්මෙක්,
සහොදරයෙක්,
නෑයෙක් නොවෙන
සුරදූතයෙක් හමුවෙයි….

එල්ලෙන්න වැලක්වත්
නොමැති වෙලාවක…
හීන ලිහිලා විසිරැන වෙලාවක…
බලාපොරොත්තුවේ කනාමැදිරියෙකවත්
නොමැති වෙලාවක…
ජීවිතේ එකම එකවතාවක්
හමුවේවි ඔබට
සුරදුතයෙක්….

දහස් වර බිදී,
පුරැද්දාගත නොහී
ලතවූව හදවත….
පුරැද්දා හෙමිහිට
හදවත් තිබෙන්නේ
බිදෙන්නට බව
පසක්කර….
බිදුනු හදවත තුළට
එළිය අරගෙන
සිනාසෙන හැටි කියාදෙන….
සූරදූතයෙක්
හමුවේවි දවසක….

ඉතින් ඔබ
සතුටින් හිනාවෙන දවසක
ඔබ කෙරෙන් ගියෝතින්
ඒ සුරදූතයා ඈතට….
අමතක කරන්නෙපා
කිසිවිට..

සුරදූතයන්ගේ කාර්යය
හදවත් සුවපත් කරන එක…
ඔබ වගෙම බිදුනු හදවත් ලෝකයේ එමට ඇති බව….

~ චමරි ප්‍රියභාෂිණී

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan