*
Monday, April 28, 2025
spot_img

Latest Posts

ලංකාවට නීතිඥයන්ගෙන් ක්‍රිකට් ජයග්‍රහණයක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

මිනිසෙකුගේ සිතේ ඇතිවන සිතුවිල්ලක ක්‍රියාකාරීත්වයට ගමන් කළ හැකි දුර කොපමණද?එය ලෝකයක් පුරා පැතිරෙන්නට හැකි බව සනාත කළ හැකි එක් උදාහරණයක අටවැනි උත්සාහය අද සිට ශ්‍රී ලංකාවේදී ක්‍රියාවට නැංවෙන්නට නියමිතය.ආර්.ශාන්තනක්‍රිශ්නන් වූ ඉන්දීය නීතිඥවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ නීතීවේදීන් එක් කරන්නට ඉන්දියාව තුළ ආරම්භ කළ ක්‍රිකට් තරගාවලිය පසු කළෙක ඔහුගේ මග පෙන්වීම ඇතිව ලෝකය පුරා ව්‍යාප්ත කරන්නට හැකි විය.එ අනුව ඇරඹි නීතිඥ ලෝක කුසලාන තරගාවලිය අටවන වරටත් මෙවර ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන ඇරඹෙන අතර එහිදී ශ්‍රී ලංකාව කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කර ඇත.එ් කණ්ඩායමේ නායකත්වය ආරියරත්නම් දරන අතර ශ්‍රී ලංකා බි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ප්‍රියන්ත රාජපක්ෂය.


මෙ ආරම්භය විසිතුරුම නොවුණද ආඩම්බරය මුසු එකක් විය.එහි බොහෝ සැඟවුණ දේශපාලන කතාවන් හී වේදිකාවක් විය.වචන නොවුණ ඒවා දැණුමෙන් අත්දැකීමෙන් තමන් විසින්ම ලියා විඳ ගත යුතු ඒවා විය.එක පෙළට අසුන් ගෙන සිටියේ ප්‍රධාන ආරාධිතයනගේ පේළියේ අලි සබ්රි,විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් සමඟ අර්ජුන රණතුංග,නීතිපති සංජය රාජරත්නම් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති කෞශල්‍ය නවරත්නය.නීතිය සහ ක්‍රිකට් අතර ගැටුමක් දිග ඇරුණු මෑත ඉතිහාසය ගත් විට මේ චරිත සියල්ලම ඊට එකිනෙකට සම්බන්ධ වී සිටියෝය.ඒත් එකම මතයක නොසිටි බව කිව හැකිය.අර්ජුන සහ විජේදාස රාජපක්ෂයන්ගේ පුතා එකම අතුරු කමිටුවකට නම් කිරීමෙන් ඇති වූ ප්‍රශ්නය ජාත්‍යන්තර තහනමක් දක්වා යද්දී එහි නෞතික බරින් නිදහස් කර නිිසි තැන පිහිටුවීමේ වගකීමේ කොටස්කාරයෝ ලෙස අනිත් පිරිසට පැවරුණු වගකීම තවමත් නිමා නැත.එහෙත් අර්ජුන උත්සවය නිමාවේ නික්ම යද්දී මාධ්‍යයට නැවතත් ප්‍රකාශයක් කරමින් නික්ම ගියේ ප්‍රතිවාදීන්ගේ කඩුල්ල අසළින්ම ඇදී යන්න වචන යොමු කරමින්ය.එහෙත් තරගාවලිය ආරම්භ කිරීම සංඛේතවත් කරමින් නීතිවේදී කෞශල්‍යය නවරත්න යොමු කළ පන්දු කිහිපයෙන් එකක් ලෝක කුසලාන දිනූ ක්‍රිකට් නායකයාගේ කඩුල්ලේ දැවටිණි.


එසේම දේශීය අනුග්‍රාහකයන් සමඟ මේ තරගාවලියට ඉන්දියානු මිත්‍රත්වයේ දෑත රැඟෙන එන්නේ ඉන්දීය නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාය.ව්‍යාපාර ගණනාවක් ආවරණය වන ඉන්දීය නායක අරවින්ද් වෙන්කටේෂ් රෙඩ්ඩිගේ AVR සමූහය මේ තරගාවලියේ බරපැන විශාල ප්‍රමාණයක් දරන්නට ඉදිරිපත් වී ඇත.ඔහුගේ ව්‍යපාර සමූහය මීට පෙර සිටිම ක්‍රිකට් හා සබැඳි ආයතනයක් වන අතර කේපීඑල් නම් වූ දේශිය ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමක හිමිකාරීත්වය දරා ඇති අයුරින්ම ඩුබායි ටී 10 තරගාවලියේදී ද කණ්ඩායමක අනුග්‍රාහකත්වයක් දරා ඇති ව්‍යාපාරික ආයතනයක්ය.


මේ මොහොත ශ්‍රී ලංකාව 2024 ට පිවිසෙන අස්ථාවර බව මත හිඳිමින් බලන කළ සහනදායී හැඟීම් අතළොස්සට එකතු කළ හැකි ක්‍රියාන්විතයක්ය.ශ්‍රී ලංකාව අවුරුදු 19 න් පහළ ක්‍රිකට් දේශපාලන සෙල්ලම් සමඟ අහිමි කර ගනිද්දි ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් සිය වෘත්තීයභාවයේ ගරු කටයුතුකමත් සමඟ විදෙීහය අනුග්‍රහයන්ද සමඟ දින 10 ට පමණ විදේශිකයන් 200 ක් පමණ ශ්‍රී ලංකාවට රැඟෙන ඒම අතිශයින් වැදගත්ය.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් මෙන්ම,ඉන්දියාවෙන්,පකිස්තානයෙන් සහ බංගලාදේශයෙන් ද කණ්ඩායම් දෙක බැඟීන් තරගාවලියට එකතු වෙයි.ඊට අමතරව එංගලන්තය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් කණ්ඩායමද මේ තරගාවලියට එක්ව සිටියි.

ඒ ඇතැම් කණ්ඩායම් සමඟ සිය ඥාතීන් ද පැමිණ තිබෙන නිසා සෘජුව නවාතැන් ගන්නා හෝටල් වෙත යොමුවන ඩොලර්වලට අමතරව රටේ පහළම තැන් වලටද සුළුවෙන් හෝ ආදායමක් එකතු විය හැකි මාර්ග ද පෑදෙනවා ඇත.එයට හොඳම උදාහරණය ඊයේ මද වැසි මැද ද,විදෙස් ක්‍රීඩකයින් සමාරම්භය සිඳු වූ සරවනමුත්තු පිටිය ඉදිරිපිට තැඹිළි වෙළෙන්දියගෙන් තැඹීළි බීමම උදාහරණයකට ගත හැකිය.


සමහර විට අද සිට ජනවාරි 6 වන දා සිංහල ක්‍රීඩා පිටියෙන් නිමාවන්නට නියමිත තරගාවලිය නිමාවීමෙන් ඉනික්බිතිවද රටේ පවතින දේශගුණික තත්ත්වය අනුව මේ විදේශිකයින් ශ්‍රී ලංකාවේ දින කිහිපයක් රැඳී සිටින්නට ද ඉඩ ඇත.එවැනි වාතාවරණයක තවත් ඩොලර් ප්‍රමාණයක් මේ රටට හිමිවන බැවින් මෙම තරගාවලිය ලෝකයේ නීතිඥ ක්‍රිකට් දක්ෂතා උරගා බලන තරගාවලියක් පමණක් නොව ශ්‍රී ලංකාවේ වැටී ඇති ආර්ථිකයට ද යම් උරදීමක් කරන තරගාවලියක් ලෙස හැඳින්විය හැකිය.ඒ නිසා කටුනායක වෙළද කළාප ක්‍රීඩාංගණය දක්වා දිවෙන කොළඹට ආසන්නයේ පැවත්වෙන මෙම තරගාවලිය නැරඹීමට ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට සහභාගි විය හැකිනම් එය ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම් වෙත දිරීදීමක් පමණක් නොවන,ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් සංගමය රට වෙනුවෙන් කරන සත් කාර්යට තුති පිදීමක් ද වනු ඇත.ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායම හත්වරක් ගෙවී ඇති මේ තරගාවලියේ තුන්වරක් අනූ සූරයෝය.නමුත් තවමත් සූරතාවයකට ඉඩ නැත.පළමුවරට පැවති ලෝක සූරතාවයේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ එහි තරගාවලියේ වීරයා බවට පත් වූ අසේල පටබැදි මෙවරත් කණ්ඩායම් සංචිතයේ සිටීයි.ඒ අතදැකීම් සමඟ අලුත් ක්‍රීඩකයින් පස් දෙනෙක් පමණ කණ්ඩායමට එකතු වී තිබෙන බවත්,කණ්ඩායමක් හැටියට මෙවර ශ්‍රී ලංකා නීතිඥ ඒ කණ්ඩායම සිටින්නේ තදබල විශ්වාසයකින් බවත් කණ්ඩායම් නායක එර්ෂාන් පවසන්නේය.


“මේ තත්ත්වය ඉන්දියාවෙ වගේම පකිස්තානයේ කණ්ඩායම් දෙස බැලුවත් පේන්න තියෙනවා.අලුත් මුහුණ නොදන්නා මුහුණු වැඩියි.ඒත් අපිට තරගය මොහොතෙ හොඳම විදිහට හැමදේම කරගන්න ලැබුණොත් සූරතාවයට යන්න පුළුවන්.අත්දැකීම් සහිත කණ්ඩායමට නායකත්වය දුන් අය වගේම අලුත් අයත් කණ්ඩායමේ ඉන්නවා.අපි තරගයට හොඳම 11 අරගෙන පිටියට එනවා.ඒ 11 එදා නොවැරදී හොඳම දේ කළොත් අපි දිනනවා.කොහොමත් 6 වන දා අපි එස්එස්සී පිටියෙ තියෙන තරගයට ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.ඒ දක්වා අපි තරගයෙන් තරගයට ඒක තේරුම් අරගෙන දිනන්න ඕනි දේ කරන්න ට්‍රයි කරනවා”
එර්ෂාන් නීතිඥ ලෝක කුසලානය පළමුවරට දිනා ගන්නට මෙන්ම ලංකාවට ගෙනවිත් තිබෙන කුසලානය රැඟෙන යාමට නොදී තියා ගන්නට ඕන කරන සැළසුම් සකෙවින් ඉදිරිපත් කරමින් පැවසීය.ඒ බලාපොරොත්තුව ඉටු වී පළමුවරට ශ්‍රී ලංකාවට නීතිඥ ලෝක කුසලානය දිනා ගන්නට හැකි වේවා යන්න මෙන්ම මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය හරහා යම් යම් ජයග්‍රහණ ලබා දීමට හැකි වී තිබීම ගැන ද අපි සුබ පතමු.


අයිසීසීය හරහා ලෝක මට්ටමේ ක්‍රිකට් තරග සංවිධානයට දේශපාලනයට දොර වැසිය හැකි යතුරක් තිබුණ ද,එසේ නොවන උසස් වෘත්තීයභාවය විසින් ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට ගෙන ඒමත්,එම කාරණය ඇතුළේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම ඊට දේශපාලන බලය සහිතව ගැටුණු පිරිස් එක තැනකට රොක් කිරීමකට හැකි වීමත්,නීතිය සහ ක්‍රිකට් මෙන්ම දේශපාලනයද මුහුව රටේ ඉහළම තැන්වල කියැවුණු නම් එකම පෙළකට හිඳුවා තැබීමට හැකිවිමත් රටේ ආර්ථිකයට යම් සහනයක් දෙන ක්‍රියාවලියකට මූලිකත්වය ගැනීමත් යන කරුණු මේ වන විටත් ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් ජයග්‍රහණය කර අවසන්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan