සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි.
2024 ජනවාරි පළමු වනදා සිට, මෙම මිල ඉහළ දැමීම ක්රියාත්මක අතර වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සමාගම කියා සිටී .
ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ දමා ඇත.
මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇