බුත්තල වෙහෙරගල ජලාශයේ වාන් දොරටු සියල්ලම  විවෘත වේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මොණරාගල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා බුත්තල වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ.

වාන් දොරටු හයම  විවෘත කර ඇති අතර, ඉන් වාන් දොරටු දෙකක් අගල් හය බැගින් සහ තවත් වාන් දොරටු හතරක් අගල් තුන බැගින් විවෘත කර ඇති බව සඳහන් වේ.

මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා දැනුම් දෙන්නේ, මෙම වාන් දොරටු විවෘත කිරීමත් සමග මැණික් ගගේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල යන අතර ඒ නිසා මැණික් ගග දෙපස ජනතාව සහ සෙල්ල කතරගම කතරගම පූජා භූමිය වෙත පැමිණෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...