සනත් නිශාන්ත රිය අනතුරක. ජීප් රියට සහ ආරක්ෂක නිලධාරියාට ගුටි !

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථය අද (29) පෙරවරුවේ මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

එහිදී අමාත්‍යවරයාගේ ජීප් රථයෙහි ගැටුණු අනෙක් මෝටර් රථයට හානි සිදුව ඇති අතර එය පදවා ගෙන ආ පුද්ගලයා එහි සිටි අමාත්‍යවරයා දැක දැඩි ලෙස කෝපයට පත්ව ජීප් රථයට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

එම පහරදීමෙන් තුවාල ලද අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියකු ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ රියදුරාත් පහරදීම සම්බන්ධයෙන් අනෙක් වාහනයේ රියදුරාත් යන දෙදෙනාම මාරවිල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...