Sunday, September 24, 2023
spot_img

Latest Posts

ඉන්දුනීසියාව Boeing 737 Max ගුවන් යානාවන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කරයි

ඉන්දුනීසියාව විසින් Boeing 737 Max ගුවන් යානයේ සිටි පුද්ගලයන් 189 දෙනෙකුට දිවි අහිමි වූ Lion Air ව්‍යසනයෙන් වසර තුනකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව එහි තහනම ඉවත් කර තිබේ.2018 ඔක්තෝබර් 29 වන දින, ලයන් එයාර් ගුවන් යානය (610) ජකර්තා හි සෝකර්නෝ-හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තු 13 කට පසු ජාවා මුහුදට කඩා වැටී එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 189 දෙනා මිය ගියේය.

පසුව 2019 මාර්තු මාසයේදී ඉතියෝපියන් Boeing 737 Max සම්බන්ධ මාරාන්තික අනතුරකින් පසු ගුවන් යානාව රටවල් රැසක තහනමට ලක්විය. ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නුවරින් පිටත්ව මිනිත්තු හයකට පසු මෙම ගුවන් යානය කඩා වැටී එහි සිටි පුද්ගලයන් 157 දෙනාම මිය ගියේය.

නමුත් පසුගිය සඳුදා ඉතියෝපියානු ගුවන් සේවය පැවසුවේ එලඹෙන පෙබරවාරි මාසයේදී එම යානයේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන බවයි. ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව මේ වසරේ ඔවුන්ගේ තහනම ඉවත් කිරීමත් සමඟ රටවල් 180කට වැඩි ප්‍රමාණයක් දැන් 737 Max භාවිතයට අවසර දී ඇත.

ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තහනම ඉවත් කිරීමෙන් පසු ගුවන් යානා පද්ධතිවල සිදු කරන ලද වෙනස්කම් පිළිබඳ දැඩි පරීක්ෂාවන් අනුගමනය කරන බවයි.

Outbound Today – Sahan Hewagamage

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.