එදා “දියව් දියව්” කියපු කට්ටිය දැන් හැම එකටම “ඉවසපියව්” කියනවා – රෝහණ

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුව සහල් ආනයනය කිරීමේ ක්‍රියාවලිය පවා අනාගෙන හත්පොලේ ගාගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.

“රාජ්‍ය සේවකයින්ට ටොක්කක් අනින්න ලාල්කාන්ත ගරු ඇමතිතුමා සූදානම් වෙනවා. එතුමා කියනවා අපිට ඕනෙ නම් ඊගාව ජනතා සුනාමිය රාජ්‍ය සේවය පැත්තට යොමුකරන්න කියලා. තමන් කරපු කර්මය තමන්ට පළිසන් දෙන්න පටන් ගන්නකොට රාජ්‍ය සේවකයින්ගෙ පිටින් තියන්නට ආණ්ඩුව කැහැපොට ගහනවා කියන එක නේද මේ ලාල්කාන්ත අමාවරයාගෙ ප්‍රකාශය තුළින් අද පැහැදිලි වෙන්නෙ ? අලුත් අවුරුද්ද උදාවෙනකොට මේ රටේ හැම ගෙදරකම කිරිබත් උයනවා. ඒ කිරිබත් උයන්නට කැකුළු හාල් කිලෝ එකක් ලබාගන්නට නොහැකි තත්වය අද වෙළඳපොලේ නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුව මේකත් හත්පොලේ ගාගෙන තියෙන්නෙ. එදා “දියව් දියව්” කට්ටිය දැන් “ඉවසපියව්” කියන තැනට ඇවිල්ලා ඉන්නවා හැම එකම”

රෝහණ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 29) අනුරාධපුර ප්‍රදේශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...