විපක්ෂය බයවෙන විදිහේ ජාත්‍යන්තර සබඳතා අපට දැන් තියෙනවා. අපි බංකොලොත් ලේබලයත් අයින් කරගත්තා – දිනේෂ්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවට ඇලවී තිබුණු බංකොලොත් ලේබලය ඉවත් කරගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමත්ව ඇති බව ජාජබ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා පවසයි.

“අපිව බය කරන්න හදපු විපක්ෂයේ කතාවලට දැන් වෙලා තියෙන දේ තමයි විපක්ෂය බය වෙන විදිහේ ජාත්‍යන්තර සබඳතා ටිකක් දැන් අපි දවසින් දවස ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා. කොටස් වෙළඳපොලේ ඉහළම අගය දැන් අපි මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. බංකොලොත් යැයි කිව්ව සන්නාමය ඔන්න අපි දැන් අයින් කරගෙන තියෙනවා. ඔන්න දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙලා තියෙනවා එයාලාගෙ තුන්වෙනි වාරිකයත් ඉතා ඉක්මනින් නිදහස් කරනවා කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නෙ ලස්සන රටක් ඉස්සරහට අරන් යන ක්‍රමයක් ගැන අපේ වැඩපිළිවෙලක් තියෙනවා”

දිනේෂ් හේමන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 29) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...