තව මාස තුන හතරක් යන්න කලින් ආණ්ඩුවට අනිවාර්යයෙන්ම දොස් අහන්න වෙනවා – බිත්තර වෙළඳුන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය කුකුළු කෑම සැපයීම සඳහා රජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතු බවත් දැනට බිත්තරයක මිල රුපියල් 26 දක්වා පහත වැටී ඇතත් තව මාස කිහිපයකින් බිත්තරයක මිල නැවතත් රුපියල් 50 – 60 මට්ටමට පැමිණෙනු ඇති බවත් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති හෙක්ටර් නිශාන්ත අප්පුහාමි මහතා පවසයි.

“නිෂ්පාදන වියදමටත් අඩුවෙන් තමා මේ බිත්තර ගෙඩිය අපි අද වෙළඳපොලට නිකුත් කරන්නෙ. මගේ පාඩුව සාමාන්‍යයෙන් ගත්තොත් අද වෙනකොට ලක්ෂ 71 – 72ක් වෙලා තියෙනවා. කිකිළිට කන්න දීලා බිත්තර ගෙඩිය ගන්න රුපියල් 22 – 24ක් යනවා. ඒ පාඩුව විතරක් එක ගොවියෙකුට එක බිත්තරේකින් රුපියල් 10ක් වෙනවා. කෘෂිකර්ම ඇමතිතුමා වන ලාල්කාන්ත ඇමතිතුමා, පාරිභෝගික ඇමතිතුමා මේකට වහාම මැදිහත් වෙලා මේකට අවශ්‍ය කරන කෑම ටික අඩුවට ගෙනල්ලා දුන්නොත් අපට හැකියාව තියෙනවා රුපියල් 30 – 32 ට මේ බිත්තර ගෙඩිය ගොවියාගෙන් නිෂ්පාදනය කරලා ගන්න. මොකද මේකට අවශ්‍ය කෑම අනිවාර්යයෙන්ම ගේන්න ඕනෙ. ඉන්දියාවෙන් හරි අපට ගෙනල්ලා හුණුසාල් ටික දෙන්න කියලා මම දැන් සති තුනකට කලින් කිව්වා. කිසිම බලධාරියෙක් මේකට එකඟ වෙලා නැහැ. නැවත අපේ ජනතාවට අප්‍රේල් වෙනකොට මේ බිත්තර ගෙඩිය රුපියල් 50 – 60 ට යයි. රුපියල් 60 ට යද්දී හුණුසාල් කිලෝ එක තිබ්බෙ 85 යි. රුපියල් 26ට බිත්තර ගෙඩිය තියෙනකොට අද 198 යි හුණුසාල් කිලෝ එක. අප්‍රේල් මැයි ජුනි වෙනකොට මේ ක්ෂේත්‍රය කඩාගෙන වැටිලා නන්නත්තාර වෙනවා. ජනාධිපතිතුමනි ඔබලාගෙ ආණ්ඩුවට තව මාස තුන හතරක් යන්න කලින් අනිවාර්යයෙන්ම දොස් අහන්න වෙනවා. හෙට්ටිපොල ජනතාව නැවත බිත්තර අරගෙන පාරට ඇවිල්ලා ගහලා කුඩු කරනවා”

හෙක්ටර් නිශාන්ත අප්පුහාමි මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 29) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...