අයිසීසී කිරුළුවලට ලංකාවෙන් හතරක්.තේරීමේ වරම ඔබට- චමරි සම්මාන දෙකකට නිර්දේශ වේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 30 ,(LNW)කොළඹ :

අයිසීසී ය විසින් 2024 සඳහා ලෝකයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා පත් කර ගැනීමේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවක් එම සම්මාන සඳහා නිර්දේශිත වී තිබෙනවා.එම ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාව සම්මානනීය කිරීම සඳහා තෝරා ගැනීමේ වගකිම පැවරී ඇත්තේ ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටයි.
මේ අතරින් විශේෂ අවධානයක් චමරි අතපත්තුට හිමිව තිබෙනවා.ඇය වසරේ එක්දින හොඳම ක්‍රීඩිකාව මෙන්ම,විස්සයි විස්ස හොඳම ක්‍රීඩිකාව වීමටත් නිර්දේශ වී තිබෙනවා.එක්දින හොඳම ක්‍රීඩිකාව ලෙස තේරී පත්වීමට චමරි,ඉන්දියාවේ ස්ම්‍රිතා මන්දනා,එංගලන්තයේ ඇනබල් සදර්ලන්ඩ් සහ දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වර්ඩ්ට් තරග වඳිනවා.වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩිකාව වීම සඳහා ඇය සමඟ තරග වැඳීමට නවසීලනත්යේ ඇමේලියා කෝර්,අයර්ලන්තයේ ඔර්ලා පෙන්ඩර්ගාස්ට් සහ දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වඩර්ට් නියමිතව සිටිනවා.


කමිඳු මෙණ්ඩිස් 2024 වසරේ “අයිසීසී නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා“ ලෙස තෝරා පත් කර ගැනීමට ඔබට අවස්ථාවක් හිමි වී තිබෙනවා.ඒ සඳහා කමිඳු සහ තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් තරග වඳිනවා.පකිස්තානයේ සායිම් අයුබ්,බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ෂමාර් ජෝෂප් සහ එංගලන්ත කණ්ඩායමේ ගස් ඇට්කින්සන් එම තිදෙනායි.


කමිදු ඒ අතරින් මේ වසරේ අවස්ථා දෙකකදීම මාසික ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ අවස්ථාව ජය ගැනීමට සමත්ව තිබෙන නිසා දක්ෂතා අතින් ඉදරියෙන් සිටිනවා.එහෙත් අයිසීසී ය මේ අවස්ථාව පවරා ඇත්තේ ලොව පුරා සිටින ජනතාවට බැවින් කමිඳුට වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය හැක්කේ ඔබේ දායකත්වය ඇතුව පමණයි.


එසේම වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත්විමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.ඒ සඳහා වනිඳු හසරංග සහ කුසල් මෙණ්ඩිස් යෝජනා වී තිබෙනවා.ඔවුන් සමඟ යෝජනා වී තිබෙන අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා ලෙස ඇෆ්ගනිස්තානයේ අබ්දුල්ලා ඔමර්ෂායි සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම නියෝජනය කරන ෂෙෆාර්න් රදර්ෆඩ් නම් වී තිබෙනවා.

පහත දක්වා තිබෙන සබැඳිය ඔස්සේ ගොස් ඔබට 2024 වසරේ ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස එම සම්මාන සඳහා ශ්‍රී ලංකාවෙන් යෝජනා වී ඇති ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාව නම් කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
https://www.icc-cricket.com/awards/icc-awards-of-the-year-2024

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...