කොළඹ LNW: විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.
මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමුකර ඇති අතර දැනට එම ශිෂ්‍යාධාරය රු.5000ක් ලෙස ලබාදීම සිදුකරයි. ඒ සඳහා රු. කෝටි 300ක් පමණ වැයවන බව සඳහන්.
එය රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමේදී අමතර රුපියල් කෝටි 200ක පමණ මුදලක් වැයවන නමුත් ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇත්තේ එම ශිෂ්‍යාධාර මුදල් රු.10,000 දක්වාම වැඩිකිරීමටයි.
ඒ අනුව ඒ සඳහා ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ආශිකා බ්‍රාහ්මණ