*
Thursday, January 2, 2025
spot_img

Latest Posts

ක්‍රීඩා කරපු,උගන්නපු,විනිශ්චය කරන අමුතු දොස්තර ජගත්ට ජගත් පිළිගැනීමක්

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 30 ,(LNW)කොළඹ :

අපිට වෛද්‍යවරයෙක් කිව්වම ඔළුවට එන්නෙ බොහොම ගාම්භීර පෙණුමක්.ක්‍රීඩාවට සම්බන්ධ වුණත් තත්ත්වය එහෙමයි.වෙනස් හැඩයක්.එහෙම තත්ත්වයක ඩොක්ටර් කිව්වම පිට්ටනියෙ විනිශ්චය කර කර ඉන්න කෙනෙක්ට තවත් අවුලක්.මොනව හරි අටවගත්ත සංගමයකින් දුන්න ආචාර්ය උපාධියක් නිසා කියනවද දන්නෙ නැහැනෙ.ඉස්සර ක්‍රීඩා කේෂ්ත්‍රෙය ඇත්තම ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කළා.එතුමා සම්බන්ධ සංගමයකිනුත් ආචාර්ය කෑලි දන් දුන්නා.ඒ නිස එහෙ හැදුණු ඩොක්ටර්ලා වගේම මේ වන කොට ඩොක්ටර් කිව්වම ඇති වන සැකයකුත් තියෙන තැනට රට ඇවිත් තියෙනවා.


හැබැයි මේ දොස්තර ගැන එහෙම සැකයක් නැහැ.මේ වෙනකොටත් පොළොන්නරුව රෝහලේ ඔහු වෘත්තියේ යෙදෙනවා.ඒත් රෝහලේ වගෙම මලල ක්‍රීඩා උළෙලක් තියෙන මොහොතක ඔහුව ක්‍රීඩාංගණයෙදිත් හමුවෙන්න පුළුවන්.සාමාන්‍ය විනිසුරු ඇදුමෙන් හමුවන ඔහු වෛද්‍යවරයෙක් ලෙස විශේෂ දේවල් බලාපොරොත්තු වෙන සමහරුන්ව දැක ගන්න ලැබුණත් මේ වෛද්‍යවරයා එහෙම නැහැ.
අද වෙනකොට මලල ක්‍රීඩා උළෙලක පමණක් දකින්න ලැබුණත්,මේ මෑත ඉතිහාසය දක්වාම ඔහු අපට ක්‍රිකට් පිටියෙත් දකින්න ලැබුණා.ඒ ක්‍රිකට් විනිසුරුවෙකු විදිහට.අනුන්ව විනිශ්චය කරනවා කියන කාරණය පහසු වැඩක් නෙමෙයි.අසීරුයි,දුෂ්කරයි.ජය පරාජය තීරණය වන අන්දමේ තරගකාරී වටපිටාවක ඔහුට ඒ දේවල් සංයමයෙන් කරන්න සමහර විට උගත්කමත් බලපානවා වෙන්න පුළුවන්.එසේම ජීවිතයකට වගකියන වෛද්‍යවරයෙක් විදිහට ක්‍රීඩාවෙදිත් ඔහු අතින් වන අඩුපාඩුවක ක්‍රීඩකයෙක්ගේ ජීවිතයේ වටිනාකම නැති වෙන්න පුළුවන් කියන හැඟීම එක්ක එන වගකීම මේ වෛද්‍ය විනිසුරුටත් දැනෙන්න ඉඩ තියෙනවා.


නමින් ජගත් විමලරත්න වෙන මේ අපූරු ක්‍රීඩා විනිසුරු අමුතු දොස්තර මේ මොහොතෙ මලල ක්‍රීඩා විනිසුරුවෙකු ලෙස ජාත්‍යන්තර වශයෙන් ලබා ඇති ජයක් තමයි මේ සටහනට පාදක වෙන්නෙ.ඒ ඇවිදීමේ විනිසුරුවරයෙක් ලෙස ඔහු ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ කිසිඳු මලල ක්‍රීඩා විනිසුරුවරයෙකුට යාමට නොහැකි වූ තැනකට පිවිසීම තමයි මාතෘකාව.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මාධ්‍යයට ඒ ගැන තැබූ සටහන පහතින් ඒ ආකාරයටම තබනවා.
// වෛද්‍ය ජගත් විමලරත්න මහතා
තරඟ ඇවිදීමේ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් (ලෝකඩ මට්ටම) වශයෙන් පත්වීම් ලබයි. ඒ අනුව විමලරත්න මහතා තරඟ ඇවිදීමේ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් ලෙස පත්වීම් ලද පළමු ශ්‍රීලාංකිකයා බවට පත්වෙයි.
මලලක්‍රීඩා ජාතික තාක්ෂණික නිළධාරීවරයෙක් ලෙස මෙරට මලලක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයට 2010 වසරේ සිට විශිෂ්ට සේවාවක යෙදෙන ඒ මහතා 2001 වසරේ සිට ශ්‍රීලංකා මලලක්‍රීඩා ආයතනයේ ආධුනික විනිසුරුවරයෙක් වශයෙන් මෙරට මලලක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයට තම දායකත්වය දක්වා ඇත. 2002 ආසියානු මලලක්‍රීඩා ශූරතාවය, 2004 ආසියානු ග්‍රෝන්ෆී තරඟ, 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, 2012 ආසියානු කණිෂ්ඨ ශූරතාවය, 2018 දකුණු ආසියානු කණිෂ්ඨ මලලක්‍රීඩා ශූරතාවය ආදී ඒ මහතා දායකත්වය දැක්වූ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරඟ අතර වේ.


මේ වනවිට පොළොන්නරුව ශික්ෂණ රෝහළේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරීවරයෙක් ලෙස සේවය කරන විමලරත්න මහතා ඉදිරියේ පැවත්වීමට නියමිත ආසියානු මට්ටමේ තරඟ ඇවිදීමේ තරඟ ඉසව්වන්හි විනිසුරුවරයෙක් වශයෙන් තම සේවය ලබා දෙනු ඇත.//
ජගත් විමලරත්න වෛද්‍යවරයා පාසල් සමයේ සිටම ක්‍රීඩාවත් එක්ක ඇළුණු මනුස්සෙක්.පවුලෙ ඔක්කොම පිට්ටනියෙ වැඩ දාපු පොළොන්නරුව හොල්ලුපු යුගයක් තිබිලා තියෙනවා.ඒ නිසා ඔහු වෛද්‍ය වෘත්තියට යන්න විශාල මහන්සියක් දරන්න වෙලා තියෙනවා.ඒ උත්සාහය අතරෙ බැරි වෙලාවත් වෛද්‍ය සිහිනය ගැස්සිලා ගියොත් වෛද්‍ය ජගත්ගෙ හුස්ම වැටෙන ක්‍රීඩාව අත ඇරෙයි කියන බයට ඒ සමඟ ජීවිතය ගෙවා ගන්න පුළුවන් රස්සාවකටත් සම්බන්ධ වෙලා තියෙනවා.ඒ අනුව ඔහුගේ පළමු වෘත්තීය වන්නෙ ක්‍රීඩා ගුරුකමයි.වසර දෙකක් පළුගස්දමන විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයෙක් විදිහට වැඩ කරද්දි තමයි ඔහුට වෛද්‍ය කේෂ්ත්‍රයට පිවිසෙන්න පාර විවෘත වෙන්නෙ.


ඒ නිසා වෛද්‍ය ජගත් හඳුන්වන්න පුළුවන් ක්‍රීඩා කරපු,ක්‍රීඩා උගන්නපු,ක්‍රීඩාවන් විනිශ්චය කරන අමුතු දොස්තර කෙනෙක් හැටියටයි.ඉතාම සාමාන්‍ය විදිහට මිනිස්සු සමඟ පිට්ටනියෙ වගේම සාමාන්‍ය ජීවිතයෙත් කාලය ගෙවා දමන වෛද්‍ය ජගත්,තනතුර ස්වීය බැබලීමට යොදා ගන්නා අයෙක් නෙමෙයි.සමහර විට මලල ක්‍රීඩා පිටියේ ඔහුව දැක ඇති,ඇසුරු කර ඇති නිතර හමුවන බොහෝ දෙනෙක් ද ඔහු වෛද්‍යවරයෙක් බව නොදන්නවා ඇති.
දියුණු රටක සෑම වෘත්තියකටම පාහේ වගකීම් වෙනස් වුව ද,ගෞරවයක් වටිනාකමක් වගේම හොඳින් ජීවත්විය හැකි මිලක් තිබුණ ද,ලංකාවේ තත්ත්වය ඊට වඩා වෙනස්.වෛද්‍ය වෘත්තිකයා ද බොහෝ විට බලාපොරොත්තු වෙන කුමාරමය පිළිගැනීමක් තිබෙන බව බොහෝ විට දැක තිබෙනවා.ඒ නිසා මේ විනිශ්චයකාර දොස්තර,ටිකක් අමුතුයි.එහෙම කුමාරමය තාලයක් නඩත්තු කරන්න නොවෙහෙසන ක්‍රීඩා විනිසුරුවරයෙක් විදිහට ඔහු පිට්ටනියෙදි අපට හම්බවෙනවා.
ජගත්!
ජගත් තලයෙන් ඔබ ලැබූ ජය රටට වටිනා දුශ්කර ජයක්.මේ දක්වා එය පමා වූ හේතුව එයයි.අපි ඔබට සුබ පතන්නෙමු.ර්‍

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan