හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් එල්ල වන ප්‍රහාරයේදී මාලිමාව බලය ලබාගැනීම සදහා කරනු ලැබූ කැම්පේන් එකේදී කරනු ලැබූ ප්‍රකාශ හුවා දැක්වෙනවා. මින් තහවුරු කිරීමට උත්සාහ කරන්නේ දෙරණ හිරු වැනි නාලිකා “බොරුව” ප්රචාරක උපක්‍රමයක් වශයෙන් භාවිතා කිරීමේ කලාව දියාරු කර හැරීම වෙනවා. මාලිමාවේ මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශිත දේවල් අතර ඇති “බොරු” මෙසේ නැවත මාධ්‍ය මත විදාරණය කිරීමෙන් “බොරු” කීම පිළිබඳව වන අදහස ජෝක් එකක් බවට හරවා එයම ආණ්ඩුවට එරෙහිව යොදාගැනීම හොද භූමි උපක්‍රමක් වෙනවා. ගැටලුව ඇත්තේ මාධ්‍ය නාලිකා වල බොරුත් මාලිමාවේ බොරුත් යන දෙකම ජහමනයා පිළිගන්නේ ඇයිද යන්නයි..?
මාලිමාව සිය බල ව්‍යාපෘතිය රටේ එලීමේදී භාවිතා කල තිසීසය අපිට පහත පරිදි ලිවිය හැකියි.
1.“ඔබේ (ජහමනයාගේ) ජීවිත සුඛිත මුදිත කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් (හොරු) හොරකම් කරනු ලැබූ ධනයෙන් අපිරිමිත වූ විනෝදයක් විදින නිසාය. එම අපිරිමිත විනෝදය විනාශ කරන බව අපි දිව්රා පොරොන්දු වන්නෙමු”
ජහමනයාගේ පාර්ශවයෙන් මේ සදහා ඉදිරිපත් වූ තිසීසයද අපිට දැන් පහත පරිදි ලිවිය හැකිය.
2. “අපේ ජීවිත සුඛිත මුදිත කිරීම අවශ්‍ය නොවේ (මේ වේදනාකාරී ජීවිතයේම ඉන්න ඉඩදෙන්න). නමුත් අපිරිමිත විනෝදයක් විදින ඔවුන්ගේ (හොරු) විනෝදය උදුරා විනාශ කරන්න. ඒ සඳහා අපි ඔබට (මාලිමාව) බලය දෙන්නෙමු.”
මෙන්න මේ තිසීස දෙකේ එකතුව සමපාත වී තහවුරු වීම යනු මාලිමාව රාජ්‍යය බලය ලබාගැනීම වෙනවා. මෙතනදී කිසිවෙකු කිසිවෙක්ව රවටා නැහැ. සිදුවී ඇත්තේ දෙපාර්ශවයේම ෆැන්ටසි ලෝකය ඒකාත්මික වී එකිනෙකා බදා වැලඳ ගැනීම පමණයි.
මේ පිළිබඳව පශ්චත්තාපවන විපක්ෂනායක බබාගේ සිට විරුද්ධ පක්ෂ වල නරුම බබාලාත්, facebook ලියන්නනුත් youtube ඔස්තාර්ලාත් කම්පාවෙන්නේ “ඊනියා අහිංසක ජනතාව” මාලිමාව විසින් රවටා ඇති බවයි. ඔය කියන ආකාරයේ අහිංසක ජනතාවක් අපිටනම් හමුවී නැතිවාක් මෙන්ම ඒ ජනතාව ඔඩොක්කුවට ගෙන අපි කිරිපොවන්නේද නැත. මේ කියන ජහමනයා බලාපොරොත්තු වූවේ තමන්ට බෙන්ස් කාර් රථයක් හිමි කරගැනීම නොව “අනෙකා” සතු බෙන්ස් කාර් රථය උදුරා ගැනීමයි. එනම් බෙන්ස් කාර් එක නිසා අනෙකා විදින විනෝදය විනාශ කිරීමයි. බස් රථයේ යන බවට පොරොන්දු වූ මාලිමා නායකයින් කැබ් රථයක් හෝ මිලදී ගැනීමේදී ඇතිවන කලබලය පිටුපස ඇත්තේ මේ “විනෝද සාධකය” – enjoyment as a political factor – මිස විපක්ෂයේ නරුම අවස්ථාවාදීන් දේශනා කරන දූෂණය, ටෙන්ඩර්, අක්රමිතාවන් පිළිබඳ ගැටලු වලට නොවෙයි.
අපි දැන් ගැටලුවේ අනිත් පැත්ත – other side – නැරඹීමේ කවුලුවක් ඔබට විවෘත කර ඇත. බලය පිළිබඳව සැලකීමේදී එය ලබාගත හැකි පහසුම සහ උපායික ආකාරයට මාලිමාව බලය ලබාගෙන ඇත. ජහමනයා පෝලිමේ ගොස් සිය සර්වජන ජන්ද බලය භාවිතා කරනු ලැබූ සත්‍ය හේතුව වන්නේ උයන්ගොඩ කියන පරිදි ප්‍රභූ පාලන තන්ත්රයක බලය පිළිබඳ ගැටලුවක් නිසා නොවේ. රාජපක්ෂ රෙජීමය ප්‍රභූ යැයි සැලකීම අයත් වන්නේ 18 වෙනි ශතවර්ෂයටය. මාටින් රාජපක්ෂව නොදන්නා කෙනෙක් හම්බන්තොට නැත. සිදු වුයේ ජහමනයාගේ විනෝදය තහවුරු කිරීමේ ඉන්ධන රාජපක්ෂලා අතින් අවසාන වීමයි. සිය පාලන තන්ත්රයේදී ජහමනයාගේ සත්‍ය ජන විඥානයට පිටුපස හරවා ප්රාදේශීයව බලවත් වූ “ගැමියන්” පොරවල් වීමට යාමයි. ජොන්ස්ටන්ට හෝ මහින්දානන්දට කෙලවෙන්නේ ඒ නිසාය. පොළොන්නරුවේ ජ.වි.පෙ.හි සරත් අමාත්‍යවරයා මරණ ගෙදරක වාඩිවී බුලත් විටක් කමින් ඕමි අතක් සෙල්ලම් කිරීම දැකීම ජහමනයාගේ ආශාවයි. මාලිමාව නියෝජනය කරන්නේ මේ ජහමනයාගේ ඇත්ත ආශාව හා ඒ ජන විඥානයම වන විට ඔවුන්ගෙන් රැඩිකල් දේවල් බලාපොරොත්තු වන ඊනියා මධ්‍යම පාංතිකයන්ට අපිට කියන්නට වෙන්නේ මෝඩයා දෙස බැලීමට නිවසේ කන්නාඩිය ඉදිරියට යන ලෙසයි. එතනදී තවම ගම ඉන්නේ මාළිමාව සමඟ බව වරුණ නොදන්නවාට ටිල්වින් දනියි .
ලංකාවේ මෙතෙක් පැවති සියලුම ආණ්ඩු වලට වඩා “මාලිමාව ” වෙනස් වන්නේ ඔවුන් ජහමනයා ටක්කෙටම නියෝජනය කිරීම මත විනා න්‍යායක් හෝ දර්ශනයක් මත පදනම් වීම නිසා නොවේ. ඔවුන්ගේ ධර්මය පහල මැද පන්තිකයාගේ සාර දර්ශනයයි.
මේ ආණ්ඩුව කඩාවැටෙනතුරු බලා ඉන්නා විපක්ෂනායක බබාගේ සිට ගේමක් ගසා උඩ ආ දිලිත් ජයවීර බබා දක්වා වන ප්‍රාණීන් දේශනා කරනා ධර්මය මීට වලංගු නැත. එක් රැවටීමකින් තවත් එකකට මාරුවීම දැන් සිදුවන්නේ ආත්මීය තලයේය.සිය ජීවිත වල තිබෙන ඇරියස් කවර් කරන්නට යාමෙන් මලිමාවද අපිරිමිත විනෝදයක් විදින බව ජහමනයාට ඒත්තු ගියහොත් ආණ්ඩුවේ අවසානය ආරම්භ වනු ඇත. කාඩර් එකේ විනෝදය පාලනය කිරීමට ටිල්වින් සිල්වා දක්වන හැකියාව පක්ෂය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවකි. සමහරවිට පිපිරීම ආරම්භ වනු ඇත්තේ අභ්‍යන්තරයෙනි. බොහෝ ගිනි එක්වරම පිටට දර්ශනය වන්නේ නැත.
මේ මොහොතේ අපි කරමින් ඉන්නේ දේශපාලකයා සහ ජහමනයා අතර ඇති මේ බන්ධනයේ අණුව වන “විනෝදය ” විචාරය කිරීමයි. ඉදිරි දේශපාලනය යනු ජහමනයාගේ ආශාවට අනුව රඟපෑම නොවේ. එය ප්‍රතික්ෂේප කිරීමයි. සැබෑ පසමිතුරුතාවය පිළිබඳව වන දේශපාලනය මතුපිටට එනු ඇත්තේ ඒ මොහොතේදී පමණයි. රට වෙනස් කිරීමේ ඉදිරි දර්ශනය මතු වන්නේ එතැනිනි.
~ සමබිම පක්ෂය


