නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW:
ඉකුත් සති අන්තයේ මහනුවර ක්‍රීඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර පැවති තරගයේ දී ප්‍රධාන විනිසුරුවරයා තාක්ෂණික සහය ලබා ගනිමින් සහ ඉන් අනතුරුව ලබා ගත් තාක්ෂණි සහයට අදාළව තීරණය ඉදිරිපත් නොකිරීම නිසා නිත්තවෙල ක්‍රීඩාංගණයේ තරග පැවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි විහේෂ අවධානය යොමු කර ඇත.ඇතැම් විට තරගයට පෙර ඔවුන් ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ආරක්ෂක සැළැස්ම සළකා බැලීමට සහ එයින් සෑහීමකට පත් විය හැකිනම් පමණක් තරග පැවත්විම කෙරෙහි අවධානය යොමු කරන්නට ශ්‍රී ලංකා රග්බි එම තිරණයෙන් අවධානය යොමු කර ඇත.
අවසාන වරට නිත්‍ය පාලනයක් ශ්‍රී ලංකා රගර් වෙත තිබියදී මහනුවර ක්‍රීඩා සමාජය තනිව තීරණ ගෙන ඒ අනුව රග්බි පරිපාලනයට බලපෑම් කරන්නට උත්සාහ ගත් අවස්ථාවන්හී දී පරිපාලනය විසින් ගත් සෘජු තීරණ සම්බන්ධයෙන් සෙසු පිරිස් එකඟතාවය පළ කළ බවක් පෙනෙන්නට නොතිබිණ.එසේම තරග නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම විනිසුරුවන්ගේ යහපත් ක්‍රීයා සඳහා විශේෂ ඇගයීමක් දෙන්නත්,වැරදි කරන අය සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමටත් එම පරිපාලනය උත්සාහ කරන අවස්ථාවන් හී දී,එම පරිපාලනයට හරස් වෙමින් කටයුතු කරන අයුරු ද අපි දුටුවෙමු.
මහනුවර ක්‍රීඩා සමාජයට හිතුවක්කාර වෙන්න නොදීම කළ යුතු බවට, වර්ථමාන පරිපාලනයට තීරණය කිරීමට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට සිඳු වී ඇත.එවකට මේ සියළු කාරණාවන් වැඩි බලයක් ප්‍රාදේශිය සංගම් සතුව තිබීම නිසා සිඳුවන බව හුවා දක්වමින්,එහි ඡන්ද බලයේ වැඩි කොටසක් ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට ලබා ගැනීමට ගත් උත්සාහයක් මතු වූ විට මහනුවර ක්‍රීඩා සමාජය ද එම කාර්යයට එක් විය.එහෙත් එම ප්‍රාදේශිය පරිපාලනයන් සියල්ලම ඇතුළත නම ගිය ක්‍රීඩා සමාජ සිටි අතර එම ප්‍රාදේශිය පරිපාලනයන් හි සුක්කානම බොහෝ විට ප්‍රධාන ක්‍රීඩා සමාජවල පිරිස්ම දැරූ අතර ශ්‍රී ලංකා රග්බි පරිපාලනයද මෙහෙය වූයේ බොහෝ විට ඔවුන්ය.
එහෙත් මේ යථාර්තය වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉතා පහසුවෙන් වසා දැමීමට හැකියාව ලැබිණ.ආසන්නම සිඳුවීම් කිහිපයක් ඊට උදාහරණ ලෙස ගෙන පෙන්වීම හැර ඉතිහාසය ගැන තොරතුරු පිළිබඳ සංවේදී වන්නට අමාත්‍යවරයාගේ ජීවිතයේ කෑල්ලක් ලෙස ක්‍රීඩාව තිබුණේ නැත.ඔහු හොඳ රසිකයෙක් ලෙසවත් පිට්ටනි අස්සේ රස්තියාදු නොවුණ කෙනෙක් නිසා ඔහු පත්වන විට රග්බි මුල් පුටුවට ඉව අල්ලමින් සිටි රග්බි පරිපාලනයට හානිකර ලෙස ජාත්‍යන්තරයෙන් ඔවුන් නිසා දඩුවම් විදි ක්‍රීඩාව සහ ගිණුම් සම්බන්ධයෙන් වන චෝදනා සහිත පරිස් වෙත ප්‍රාදේශිය පරිපාලනයන්ගෙන් වැටී තිබූ බරියර් ඉවත් කර ගැනීමට අපූරු විදිහකට ක්‍රීඩා අමාත්‍යවරයා යොදා ගත්තේය.ගලා ආ පිළිවෙල නොදත් සහ එහි මාවත වෙනස් කර පෙන් වූ අය තමන්ගේ විශ්වාසයේ සළකුණ බවට පත් කර ගත් අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතුව සිඳු වූ සංශෝධන සමඟ පෙරට යමින් තිබෙන රග්බි ක්‍රීඩාව යළිත් පිටියේ ඇත්ත ප්‍රශ්න ඉදිරියේ සම්මුඛ වි තිබෙන මොහොත නිත්තවෙලදී උදා වී ඇත.
මෙහි අදහස රගර් පරිපාලනය විසින් ගත් තීරණ අභියෝගයට ලක් කිරීම හෝ විවේචනය කිරීම නොවේය.වවුලාගේ මඟුල් ගෙදර ගිය විට ඒ ආකාරයට සිටිය යුතුය කියා නිත්තවල සංස්කෘතියට ගැලපෙන්න රගර් තිබිය යුතු නැත.රගර්වල හැඩයට නිත්තවෙල හැඩ ගැසීම අනිවාර්ය කාරණයක්ය.එහෙත් ඊට පෙර මේ තත්ත්වයන් සාධනීය ලෙස නොදැක හිටපු රගර් පරිපාලන ගත් තීරණ සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාර අපට මතකය.
මිට පෙර ද අවස්ථාවක මහනුවර ක්‍රීඩා සමාජයට වෙනත් ක්‍රීඩාංගණයක් ලබා දෙමින් රගර් පරිපාලනය කටයුතු කළ අතර එහිදී ඔවුන් සිඳු කළේ තරගාවලියෙන් ඉවත්ව යාමය.කිසිඳු ක්‍රීඩා සමාජයකට තමන්ගේ ක්‍රීඩාංගණය නොලැබෙන පරිදි තරග සංවිධානය කරද්දී මහනුවර ඊට එරෙහිව නැඟී සිටි අතර මේ වන විටත් නව පරිපාලනයට ද ඔවුන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක තරග පවත්වන්නේ නිත්තවලදී පමණයි යන ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත.මේ කාලයකට පෙර අවස්ථානු කූලව රගර් හි සිඳු වූ භූමරංග විසිකිරීමක් ඉලක්කයට නොගොස් හිස් අවකාශයේ රැදී තිබී නැවත පැමිණීමක් බඳුය.
එමෙන්ම මේ සියල්ල ඇතුළත විනිසුරු සංගම් බලපෑම්වලට රගර් පරිපාලනය යටත් විය යුතු ද නැත.වැරදි තීරණවලදි නරක ප්‍රතිචාර ඇතිවිම වැළක්වීමට පලය වෙනුවට හේතුව නැති කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.ලෝකයේ බොහෝ ක්‍රීඩාවන්වල විනිසුරු දෙ‘ඇස ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගෙන තාක්ෂණික ඇස් ඊට අනුයුක්ත කර මිනිස් දෑසට සහය දැක්වීම සඳහා පරිසරයක් සකස් කර ඇත.එම තත්ත්වය යටතේ අඩුම ගණනේ සියයට 90 ක් වත් එකඟ නැතිනම් සිය තීරණ වඩාත් නිවැරදි ලෙස ගැනීමට තාක්ෂණය යොදා ගැනීමට හැකිය.එහි වරදක් වුව ද නිදහසට ද ඉඩක් පවතින නිසා තාක්ෂණය යනු මඟ හැර යා නොහැකි කාරණයක්ය.
ඉතාමත් තීරණාත්මක සහ උදවේගකර වූ සහ සංවේදී වූ මොහොතවල් වල තමන් තුළ ඇති සැකය පහ කර ගැනීමට තාක්ෂණය භාවිතා කිරීමට විනිසුරුවන්ට උපදේස දීම සහ එය පාදක කරගෙන තීරණ ගැනීමේ ක්‍රියාවලියක් නඩත්තු කිරීම වැදගත් ය.එක් අතකින් ඒ සඳහා වන ආර්ථිකමය වැය කිරීමක්ද තරග සංවිධානයකදී සිඳුවන්නේ එයින් ඇති ප්‍රයෝජනය ගැනීමටය.
මේ තත්ත්වයන් යටතේ පවිත්‍රට මහනුවර හැන්දම විනිසුරු සමූහය වෙත ද දිගු කර තබන්නට සිඳුවනවා ඇත.අප නොකීවාට මේ කාරණා මෑතක් වන තුරුම රගර් පිටියේ ක්‍රීඩකයෙකු හැටියට ද ක්‍රියාත්මක වෙමින් සිටි අයෙකු ලෙස පවිත්‍රට කිරිම අපහසු නොවනු ඇති බව විශ්වාස කළ හැකිය.ඒ පවිත්‍ර කීරීමේ කාර්යය උඩින් පැන යන්නට ද අපහසුය.ඒවා ශුද්ධ කරගෙන යාම වැදගත්ය.
ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයේ සිටි පුද්ගලයන් විසින් රගර්වලට කර ඇති මූල්‍යමය හානිය සහ ඊට වගකිව යුතු අයගෙන් ඒවා අය කර ගැනීමට හැකිනම් ලංකාවේ රගර් ක්‍රීකයාට විශාල වශයෙන් පහසුකම් ලබා දීමට හැකියාව ඇත.හොඳ ජාතික සංචිතයක් ඉහළ මට්ටමේ පුහුණුකරුවෙකු යටතේ පවත්වා ගෙන යාමට අවස්ථාව ඇත.උදාහරණයකට වගකිව යුතු පිරිස් ශ්‍රී ලංකාවට දඩ වශයෙන් ගෙවා අහිමි කළ පවුම් 50000 නැවත වාරික ලෙස හෝ අය කර ගැනීමට හැකිනම් එය මේ මොහොතේ ක්‍රියාත්මක විනිමය අනුපාත අනුව ගත් විට ලක්ෂ දෙසීය ඉක්ම වූ මුදලක් වීම අනිවාර්ය කාරණයකි.
නහය උඩින් යන්නට තරම් අප දකින සැඩ පහර සිය විළුඹ මට්ටමෙන් උඩට නොගෙන විසඳන්නට සමත් වූ ක්‍රීඩා පරිපාලකයෙකු වන හේමසිරි ප්‍රනාන්දු පවිත්‍ර ගේ පියා ය.මෙවැනි කාරණා ගැන සංවේදීව සියුම්ව සහ පරිණතව ගැටළු කළමණාකරනය කළ හැකිනම්,පවිත්‍රට සෘජුව මහනුවර ගැන ගත් තීරණ වගේම,විනිසුරුවන් ගැන ද දැඩි අවධානය යොදා කටයුතු කරන්නට හැකිය.එසේම ශ්‍රී ලංකා රගර්වලට පුද්ගල තීරණ නිසා අහිමිව ඇති සහ නිසි ගිණුම් වාර්තා නැති වියදම් සඳහා වගකිව යුතු පරිපාලකයන්ගෙන් එම මුදල් අය කර ගැනීමට ද ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත.එසේම ප්‍රාදේශිය වශයෙන් නව පරිපාලන ව්‍යවස්ථාව මඟින් හකුළුවා ඇති රගර් ක්‍රියාන්විතය පාලනය කිරීමට හැකි මාර්ගයක් සහ බලයක් නැවත ඇති කර අලුත් දක්ෂයන් ශ්‍රී ලංකා රගර් වෙත කැඳවාගෙන ඒමේ හැකියාවද අවධානයට ගත යුතුය.


