දිට්වා අතර මඟ නැවතූ මණ්ඩතිව්, යළි වැඩ අරඹයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW:

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් යාපනය මණ්ඩතිව් හී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සමඟ ඉදිවෙමින් තිබූ ක්‍රීඩා නගර සැළස්මට බාධා වූ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්,ඒ නිසා එම ක්‍රීඩාංගණයේ පළමු තරගය ලෙස ජනවාරි 14 වන දින පැවත්වීමට යෝජිතව තිබූ තරගය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසාන් වීමෙන් පසුව පැවත්වීමට කටයුතු කරන බව දන්වා සිටියි.


මේ වන විට නැවත එම ක්‍රීඩාංගණයේ වැඩ ආරම්භ කර ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කළ කාලරාමුව තුළ ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අක්කර 48 ක භූමි ප්‍රමාණයක සංවර්ධනය කෙරෙන අතර, මධ්‍ය කඩුලු 10 ක් ඇතුළත් වන අතර සීමා මායිම් දුර මීටර් 80 දක්වා විහිදේ.අක්කර 138 ක භූමි ප්‍රමාණයකින් යුත් යාපනයේ ක්‍රීඩා නගරයක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුළුල් දැක්මේ කොටසකි.
මෙම සන්ධිස්ථානීය මුලපිරීම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රිකට් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් ජයග්‍රහණයක් වන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාවත වැඩසටහනට අනුව සිඳු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...