යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW:

ඉකුත් සති අන්තයේද දැවන්ත පරාජයකට ගොඳුරු වූ ශ්‍රී ලංගම පාපන්දු කණ්ඩායම මෙම සතියේ ද චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ විශාලම පරාජයට උරුමකම් කීවේය.මෙහි අදහස ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දුර්වලයි කීම හෝ,මෙම තරගාවලියට ඔවුන් නුසුදුසුයි කීම නොවේය.ඉතාමත් ප්‍රබල කණ්ඩායමක්ව පැවති එම කණ්ඩායමට ඉතිහාසයේ තිබුණ තත්ත්වය නැවත ඇති කර දීම පිණිස වැඩ පිළිවෙලක් සැළසුමක් සකස් කළ යුතුව ඇතැයි පෙන්වා දීමය.
සෝන්ඩර්ස් කණ්ඩායම ඉදිරියේ මේ සති අන්තයේ ශ්‍රී ලංගමය ලද පරාජය සටහන් වූයේ 5-0 ක් ලෙසය.තරගයේ පළමු අර්ධය නිමාවන විට 1 -0 ක් ලෙස යම් ආකාරයකට ශ්‍රී ලංගමය බලපෑමක් ඇති කළ ද,දෙවන අර්ධයේදී ඔවුන්ට එරෙහිව ගෝල 4 ක් වාර්තා කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායමට හැකි වුණා.


සෝන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් රොජර් පිලිප් ගෝල 2ක් වාර්තා කළ අතර ෂියාර්ඩ් මුඨාසිල් සහ මොහොමඩ් සහීඩ් එක් ගෝලය බැඟින් රැස් කරන්නට යෙදුණා.සෝනඩර්ස් කණ්ඩායමට පස්වන ගෝලය ශ්‍රී ලංගම වෙතින් පරිත්‍යාගයක් සේ හිමි වුණ අතර අත්වැරදීමකින් තමන් විසින් රැක ගත යුතු ගෝලය වෙත පන්දුව ඇදී ගියේ ශ්‍රී ලංගම නායක තුවාන් ෆාහීම් වෙතින් ය.
එසේම මොරගස්මුල්ල කණ්ඩායම ප්‍රබල පොලීසියට එරෙහිව ගෝල 1-0 ක් ජයක් වාර්තා කිරිමට සමත් වුණා.පළමු අර්ධය 0-0 ක් ලෙස ගෙවී ගිය ද දෙවන අර්ධයේදී සිය ජයග්‍රහණයට අවශ්‍යය කරන ගෝලය ලබා ගැනීමට මොරගස්මුල්ල කණ්ඩායමට හැකි වුණා.මොරගස්මුල්ල කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලය මොහොමඩ් කතීම් විසින් ලබා ගැනීමට සමත් වුණා.
නිව් ස්ටාර් කණ්ඩායම මෙවර තරගාවලියේ තවත් ජයග්‍රහණයකට ඉඩ සකසා ගත්තේ සෙරන්ඩිබ් කණ්ඩායම එරෙහිවයි.ඔවුන් ගෝල 2-1 ක් ලෙස සෙරන්ඩිඉ් කණ්ඩායම පරාජයට පත් කර අතර දෙපිළම ගෝල රහිතව පළමු අර්ධය ගෙවා දැමුවා.දෙවන අර්ධයේ දි නිව් ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ෆසාල් රැස් කරන ලද ගෝල දෙකම ලබා ගත් අතර සෙරන්ඩිබ් කණ්ඩායම වෙනුවෙන් රැස් කළ එකම ගෝලය වාර්තා කරන්නට සමත් වුණේ විජයතුමාර් අභිෂාන් ය.


තරගයේ පළමු අර්ධය ලකුණුවලින් තොරව ගෙවුණු සොලිඩ් ක්‍රීඩා සමාජය සහ සුපර් සන් ක්‍රිඩා සමාජය අතර තරගයේ දෙවන භාගයේදී තීරණාත්මක ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් තව දුරටත් ජය මාවත තුළ රැදී සිටින්නට සොලිඩ් කණ්ඩායම සමත් වුණා.එහිදී ඔවුන්ගේ ජයග්‍රාහී ගෝලය කෙනඩි ජෝන්රාජ් විසින් රැස් කරන්නට යෙදුණා.
මාතර ක්‍රීඩා සමාජයට 2-0 ක් ලෙස සෙන්ට් මේරී කණ්ඩායම ඉදිරියේ පරාජය භාර ගන්නට සිඳු වුණා.පළමු අර්ධයේ ද ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටි සෙන්ට් මේරිස් කණ්ඩායම දෙවන අර්ධයේදී තරගයේ ජයග්‍රහණය තව දුරටත් වර්ධනය වෙමින් 2-0 ක් ලෙස පවත්වා ගන්නට සමත් වුණා.සෙන්ට් මේරිස් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය ලබා ගන්නට සමත් වුණේ ජෝන් ලැවානි යි.දෙවන ගෝලය රැස් කිරීමේ ගෞරවය එම් මාරිසන් විසින් හිමි කර ගනු ලැබුවා.


ජාවාලේන් කණ්ඩායම සහ ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම් අතර තරගයේ පළමු අර්ධය නිමා වන විට ක්‍රිස්ටල් කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.දෙවන අර්ධයේදී සතියේ වාර්තා වූ එකම ජය පැරදුමක් වාර්තා නොවුණු තරගය බවට පත් කළ ජාවාලේන් කණ්ඩායම ගෝලයක් ලබා ගනිමින් අවසාන ලකුණු සටහන 2-2 ක් බවට පත් කරන්නට සමත් වුණා. ක්‍රිස්ටල් කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ඇක්කුවායේ සහ ඉසැක් ඇබා ගෝල රැස් කරන්නට සමත් වූ අතර ජාවාලේන් නායක හර්ෂන සුමුදු එම කණ්ඩායම වෙනුවෙන් ගෝල දෙකම ලබා ගැනීමට සමත් වුණා.
සතිය නිමාවන විට මේ දක්වා පැවති චැම්පියන්ස් ලීග් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඒ කාණ්ඩයෙන් නිව් ස්ටාර් කණ්ඩායම ද බී කාණ්ඩයෙන් මේ සතියේ මොරගස්මුල්ල කණ්ඩායම වෙතින් පරාජයට පත් වූ පොලිස් කණ්ඩායමද සමත්ව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...

දිට්වා අතර මඟ නැවතූ මණ්ඩතිව්, යළි වැඩ අරඹයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...