අපේ ආණ්ඩුවකින් හිරේ යන්න බලාගෙන ඉන්න – NPP සභාපතිවරුන්ට දයාසිරි රතු එළි දල්වයි

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දිට්වා කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ හිතුමතයට කටයුතු සිදුකරමින් පවතින අතර නව පාලනයක් තුළ එකී සියලුම දෙනාට එරෙහිව ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම ප්‍රතිසංස්කරණ සිදුකරන මාර්ගවල කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ අධිවේගී මාර්ගයේ සේවය කරන කොන්ත්‍රාත්කරුවන්ට බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අල්ලස, දුෂණය, වංචාව, හොරකම ගැන කතා කළ අය මෙලස කටයුතු කරන්නේ කෙලෙසද යන්න ප්‍රශ්නයක් පවතින අතර මේ වන විට එම මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු හොරකමක් බවට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියි.

ප්‍රාදේශීය සභා වෙත අතිවිශාල මුදලක් ඒවා තිබෙන බවත් ඒවා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව භාවිතා වෙමින් තිබෙන අතර සියල්ල සිදුවන්නේ සභාපතිට අවශ්‍ය පරිදි යැයි හෙතෙම තවදුරටත් පවසයි.

”ගල්ගමුවෙන් පටන් ගන්නන්. රුපියල් මිලියන 294ක් වෙන්කරලා තියෙනවා පාරවල් හදන්න. විශේෂයෙන් සමහර මාර්ගවල හදන්න තියෙන්නේ කිලෝ මීටරයයි. හැබැයි කිලෝ මීටර 13කට මුදල් දාලා තියෙනවා. හැම ප්‍රාදේශීය සභාවක්ම හොර ගුහාවක් බවට පත්වෙලා. තමන්ට කැමති විදිහට පස් කපල ඇහැටුවැව ප්‍රදේශයේ සංරක්ෂිත ප්‍රදේශයක. මේවා ගැන කිසිම හා හූවක් දන්නේ නැහැ. මේ රටේ මහජන ආරක්ෂක ඇමති ඉන්නෙත් ගල්ගමුවේ. මම බොහොම පැහැදිලිව කියන්න කැමති කරුණාකරලා මේ සම්බන්ධව අවධානය යොමුකරන්න. මොකද මේවට අනාගතයේදී තමුන්නාසේලාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා මේවට සම්බන්ධ වුණ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සභාපතිට අනාගතයේ අපේ ආණ්ඩුවක් තුළ අනිවාර්යයෙන් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරනවා. හිරේ යන්න බලාගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.” යනුවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...