කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31) දිනයේදී නැවතත් ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට කොළඹ මහ නගරසභාවේ බලය හිමි ජාතික ජන බලවේගය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ යන දෙපාර්ශවයම සිය ඡන්ද තහවුරු කරගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.

මේ අතර කොළඹ මහ නගරසභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ සොයාගන්නට නොමැති වීම බොහෝ අයට ප්‍රශ්නයක් වී තිබිණි.

නමුත් ඔහු දැඩි ලෙස අසනීප තත්වයකින් පසුවන බැවින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව හෙට පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමට ඔහු සහභාගී නොවනු ඇත.

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගරසභාවේ 2026 අයවැය සඳහා මුල්වරට ඡන්ද විමසීම පසුගිය 22 වනදා පැවති අතර එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 60කුත් අයවැයට පක්ෂව ඡන්ද 57කුත් ලැබී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...