කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

Date:

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31) දිනයේදී නැවතත් ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට කොළඹ මහ නගරසභාවේ බලය හිමි ජාතික ජන බලවේගය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ යන දෙපාර්ශවයම සිය ඡන්ද තහවුරු කරගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.

මේ අතර කොළඹ මහ නගරසභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ සොයාගන්නට නොමැති වීම බොහෝ අයට ප්‍රශ්නයක් වී තිබිණි.

නමුත් ඔහු දැඩි ලෙස අසනීප තත්වයකින් පසුවන බැවින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව හෙට පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමට ඔහු සහභාගී නොවනු ඇත.

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගරසභාවේ 2026 අයවැය සඳහා මුල්වරට ඡන්ද විමසීම පසුගිය 22 වනදා පැවති අතර එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 60කුත් අයවැයට පක්ෂව ඡන්ද 57කුත් ලැබී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...