පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW

මහා ගංවතුරෙන් දැඩි හානි වු පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණ මාසයක කාලයක් තුළ ප්‍රතිසංස්කරණ අවසන් කර මංගල දියවර නිකුත් කිරිම අද (30) සිදු කර තිබෙන බව වාර්තා වේ.

අමුණ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 41 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණ ද යුධ හමුදාව ඇතුළු බොහෝ පිරිසකගේ ශ්‍රම දායකත්වය මත රුපියල් මිලියන 25 ක් පමණක් වැය කරමින් එම කටයුතු අවසන් කිරිමට හැකිවී තිබීම විශේෂත්වයකි.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමත් සමග රටට ඇතිවූ මහා වැසි හමුවේ සියලු ජලාශවල වාන් දොරටු විවෘත කෙරුණ අතර, මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග එම මහා ජල කද මුදා හැරුණේ අඹන් ගගටයි.

ඒ සමග අඹන් ගගේ ජලය සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග එය හරහා ඉදිකර තිබු ඇලහැර ලෝක උරුම අමුණ දැඩි ලෙස විනාශයට පත්වුණි .

එම තත්ත්වය හමුවේ ඇලහැර , ගිරිතලේ , මින්නේරිය , කවුඩුල්ල හා කන්තලේ ගොවිබිම්වල වගා කටයුතු සඳහා ජලය සපයාගැනිම අවධානම් තත්ත්වයට පත්වුණ අතර, විනාශයට පත් ඇලහැර අමුණ තාවකාලිකව ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණේ එම පසුබිම යටතේයි.

වැලි කොට්ට 26,000 ක් යොදා තාවකාලික අමුණක් ඉදිකිරිම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යුධ හමුදාව , ගොවි ජනතාව සහ ප්‍රදේශවාසින්ගේ සහාය ලැබි තිබුණි.

පොළොන්නරුවට ඇද හැලුණු මහා වැසි පවා නොතකමින් දිවා රෑ නොබලා මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිසංස්කරණ සම්පුර්ණයෙන් අවසන් කිරීමට හැකිව ඇත.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව මෙම පිළිසකර කිරිම් සදහා රුපියල් මිලියන 41 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණද සියලුදෙනාගේ දායකත්වය මත රුපියල් මිලියන 25 ක පමණ මුදලක් වැය කරමින් එම කටයුතු අවසන් කිරිමට හැකි විමද විශේෂත්වයකි.

තාවකාලික අමුණේ ඉදිකිරිම් අවසන් කිරීමෙන් පසු සුබමොහොතින් මංගල දියවර මුදාහැරිම අද (30) සිදු කෙරුණු බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...