*
Sunday, January 12, 2025
spot_img

Latest Posts

පාපන්දු ලෝකයේ අසහාය වීරයා”Pele (පේලේ)”

· පාපන්දු ලෝක‌ේය අසහාය වීරයා, පේලේගේ ලෝක වාර්තාව, තරග 1,363 කදී ගෝල 1,281 කි.

· එදා මෙදාතුර ලොව බිහිවූ හොදම ලෝක කුසලාන පාපන්දු කූඩකයන් 100 දෙනාගේ ලැයිස්තුවේ අංක 1 පේලේ ය.

· ‘’ලොව සිටින්නේ එකම එක පේලේ කෙනෙක් පමණයි. ‘’ – 1970 වසරේ ඔබ්සවර් පුවත්පත කී කතාව අදට ද මතුවට ද වලංගු ය.


පාපන්දුව සොයාගත්තේ ඔහු සඳහා විය යුතු යැයි ප්‍රකට පාපන්දු විචාරක බොබී චාල්ටන් වරෙක කීය.

විදුලිමය වේගය සමග පාපන්දුව ඉදිරියේ ඔහු දැක්වූ මාරක නිරවද්‍යතාවය පේලේගේ අනන්‍ය කුසලතාවය විය. ඔහු පිටියේ ඝාතකයා විය.

පිටියෙන් පිටතදී ද ඔහු කාර්ය බහුල වී සිටියේ, පීඩිතයන්ගේ දුක නමැති පන්දුවට වැරෙන් පා පහර දී සමාජයේ වඩාත්ම පීඩිත කොටස්වල ජීවන තත්වය ඉහළ නැංවීම පිණිස ය.


පුංචි පේලේ

උප්පැන්න සහතිකය අනුව එඩ්සන් ඇරන්ටෙස් ඩො නාසිමෙන්තෝ (Edson Arantes do Nascimento) නොහොත් පේලේ 1940 ඔක්තෝබර් 21 වැනිදා උපන්නේ නිරිතදිග බ්‍රසීලයේ ට්‍රෙස් කොරාකෝස් නුවර ය. නමුත් ඔහුගේ උපන් දිනය ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඔක්තෝබර් 23 දා ය. ‘’බ්‍රසීලයේ අපි නිවැරදිකම ගැන ඒ හැටි වද වෙන්නෙ නෑ..’’ යැයි වරක් ඔහු වැරදි දිනයක් උප්පැන්නයේ සටහන් වීම ගැන කීවේය.



කෙසේ වෙතත් පේලේ උපන් දිනයට පසුදා ඔහු විසූ නිවසට විදුලිය ලැබිණි. විදුලි බල්බය සොයාගත් තෝමස් අල්වා එඩිසන් නාමයෙන් අයි අකුර හැලූ දෙමාපියෝ ඔහුට එඩිසන් වෙනුවට එඩ්සන් යැයි නම තැබුවෝය.

දිළිඳු නුවරක් වූ බාවුරු හි ඔහු හැදී වැඩුණේය. පවුලට ආදායම සැපයුණේ ප්‍රාදේශීය අවන් හල්වල අතිකාල රැකියා මගිනි.

පියා ඔහුට පාපන්දු සෙල්ලම් කරන්නට ඉගැන්වූවත්, ඔහුගේ පවුල සිටියේ පාපන්දුවක් මිලදී ගැනීමට මුදල් පවා වැය කළ හැකි පසුබිමක නොවේ. එනිසා පුංචි එඩ්සන් මේස් ගුලියක් පාරේ රෝල් කරමින් එයින් පාපන්දු ගැසුවේය.

එඩ්සන් පේලේ බවට

මුලින්ම ඔහුට පේලේ යැයි කීවෝ ඔහුගේ මිතුරෝ ය.

පේලේ, කිසි දිනෙක තමන්ට පේලේ යැයි අඬ ගසනවාට අකමැති විය. පෘතුගීසි බසින් එයින් එන්නේ ‘ළදරු කතා’ වැනි අරුතකි.

පේලේ‌ගේ ළමා විය, බ්‍රසීලයට ‘ඉන්ඩෝ ෆුට්බෝල්’‌ පැමිණි කාලවකවානුවයි. පුංචි පේලේ, ක්‍රීඩාවේ මුහුණුවර වේගයෙන් වෙනස් කරමින් සිටියේය.



‘’වතුරට දාපු මාළුවෙක් වගේ මම ඒක අල්ලගත්තා..’’ පේලේ පසුව කීය. ‘’තණතිල්ල අතරින් පාපන්දුව හොයනවට වඩා ඒක හරිම ලේසියි’’. වැඩි කල් නොගොස්ම ඔහු Bauru Athletic Club juniors හි ප්‍රාන්ත කණ්ඩායම් තුනක් අතරින් තරුවක් බවට පත් වෙමින් සිටියේය. පේලේ කවදා හෝ ලෝකයේ හොඳම පාපන්දු තරුව බවට පත් වේ යැයි මුලින්ම අනාවැකි කීවේ ඔහුගේ පුහුණුකරු ය. එය පුරසාරමකට එහා ජීවමාන කරන්නට පේලේ කොලුවා සමත් විය. අවුරුදු 16 දී ඔහු සැන්තෝස් කණිෂ්ඨ කණ්ඩායම සඳහා තෝරා ගැනිණි. පළමු තරගයේදීම ඔහු සිය පාපන්දු වෘත්තියේ පළමු ගෝලය වාර්තා කළේය. මාස 10 කට පසු ඔහු වෘත්තීය ක්‍රීඩකයෙකු ලෙස ගිවිසුම් අත්සන් කෙළ්ය. පේලේව බ්‍රසීල ජාතික කණ්ඩායම වෙත කැඳවනු ලැබීය. ආර්ජන්ටිනාවට එරෙහි තරගයෙන් එදා බ්‍රසීලය පරාජය වූයේ 2-1 ක් වශයෙනි.



1958 වසරේ පාපන්දු ලෝක කුසලානය, ජගත් පිටියේ ඔහුගේ පළමු සිහිනය විය. නමුත් සිහිනය බොඳ වන බව පෙනෙන්නට තිබුණේ දණහිස් ආබාධයකට ඔහු ලක්වීම නිසා ය. කණ්ඩායමේ ඔහුට සගයෝ වූහ. ඔවුන්ගේ දිරිමත් කිරීම මත පේලේ, සෝවියට් සමූහාණ්ඩුවට එරෙහිව ක්‍රීඩා කරමින් ලෝක කුසලාන පිටිය වෙත පිවිසියේය. වේල්සයට එරෙහි අර්ධ අවසාන පූර්ව තරගයේදී ඔහු එදා මෙදාතුර ලෝක කුසලාන තරගයක ගෝලයක් ලබාගත් ලොව ළාබාලතමයා බවට පත් විය. බ්‍රසීලයට එරෙහිව පැවති අර්ධ අවසාන තරග‌යේදී 2-1 වශයෙන් second-half hat-trick එකක් වාර්තා කළේය. අවසාන මහා තරගයේදී බ්‍රසීලය විසින් ස්වීඩනය 5-2 ලෙස පරදවන විට ගෝල 5 න් 2 ක්ම පේලේගේ ය.

පේලේ නොදැවී දැල්වුණේය. වරෙක පෘතුගාලය ගෝල රකින්නා වූ කොස්ටා පෙරෙයිරා මෙසේ කියන්නේ, ලිස්බන් කණ්ඩායම ගිලා බැස්සවූ පේලේගේ හැට්‍රික් ගෝලය රැක ගැනීමට උත්සාහ කළ මොහොත ගැන ය.

”මම ආවෙ ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ ගෝලය නතර කරන්න. නමුත් මම ගියෙ, අපි වගේ මේ ග්‍රහලෝකෙට අයිති නැති කෙනෙකුට කිසි දෙයක් නොකර..”

ජාතික වස්තුව

හැම විටම වාසනාව පේලේගේ පැත්තේ තිබුණා කියා දෙයක් නැත. 1962 ලෝක කුසලානයේදී පේලේට පැත්තකට වන්නට සිද්ධ වන්නේ ආබාධයකට ලක් වීම නිසා ය.

මේ වන විට පේලේව අයිති කර ගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රියල් මැඩ්රිඩ් වැනි පාපන්දු සමාජ පොර කමින් සිටියහ. තරුව රට යා හැකි බව වටහාගත් බ්‍රසීල බලධාරීහු ඔහුව වහාම ‘ජාතික වස්තුවක්’ බවට පත් කළහ.

ඒ ජාතික වස්තුව වෘත්තීය පාපන්දු පිටියේ 1,000 වැනි ගෝලය ද වාර්තා කරන්නේ බ්‍රසීලය වෙනුවෙනි.

1966-70 කාලය පේලේට අඳුරු එක්ක විය. පේලේ බොහෝ දෙනෙකුගේ අවධාන ඉලක්කයක් බවට පත්ව සිටියේය. පෘතුගාලයට මෙන්ම බල්ගේරියාවට ද ඔහු පැරදුණේය. සිය රට බලා ආ විට ඔහුගේ සැන්තෝස් පිල ද ඔහුව සාදරයෙන් පිළිගත්තේ නැත.

1969 වසරේදී අවුරුදු 30 සපිරෙද්දී පේලේ මෙක්සිකෝවේ පැවති පාපන්දු ලෝක කුසලානයට යන්නේ අදිමදි කරමිනි. බ්‍රසීලයේ මිලිටරි ආඥාදායකත්වය පේලේ වාමාංශික සටන්කරුවන්ට ප්‍රේම කරන්නෙකුදැයි සැක පළ කරමින් සිටියේය. විමර්ශනයකට ද ලක් වන්නට ඔහුට සිදු විය. කෙසේ නමුත් අවසානයේ ඔහු ‌ගෝල 4 ක් වාර්තා කරමින් ලෝක කුසලාන පිටියේ අවසන් පෙළහර ද පෑවේය. ඒ, බ්‍රසීල කණ්ඩායම ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ජාතික පිල බවට පත් කරමිනි. ඉතාලියට එරෙහිව ගෝල 4-1 ක් වශයෙන් වාර්තා කළ විට ‘සියවසේ ගැලවුම්කරුවා’ යන විරුදාවලිය ඔහුට පට බැඳුණේය. 1971 ජූලි 18 වැනිදා බ්‍රසීලය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ අවසන් තරගය රියෝ නුවරදී යුගෝස්ලෝවියාවට එරෙහිව ය. 1974 වසරේදී ඔහු බ්‍රසීලයේ පාපන්දු සමාජ තරගවලින් ද විශ්‍රාම ගියේය.

දෙවසකරට පසුව ඔහු නිව්යෝක් කොස්මොස් පිල සමග ගිවිසුම්ගත විය. ඔහුගේ නම පවා, එක්සත් ජනපදයේ පාපන්දු ක්‍රීඩාවට ආශිර්වාදයක් විය.

තානාපති පේලේ නයිට් පදවියෙන් ක්‍රීඩා ඇමති දක්වා



1877 වසරේදී පේලේගේ පැරණි සැන්තෝස් සමාජය විසින් කෝසමොස් සමාජය මිලදී ගන්නේ ඔහුගේ විශ්‍රාම ගැනීම සලකුණු කරන්නට ය. එවිට ඔහු දෙපිලටම භාගය බැගින් සෙල්ලම් කළේය.



විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ද පේලේ යහමින් මුදල් ඉපැයූවේය. රංගනයට ආශා කළ පේලේ, සිල්වෙස්ටර් ස්ටැලොන් සහ මයිකල් කේන් සමග 1981 වසරේදී Escape to Victory චිත්‍රපටයේ රංගනයට එක් විය.



1992 වසරේදී පේලේ පරිසර විද්‍යාව සහ පරිසරය සඳහා වූ ජගත් සංවිධාන තානාපතිවරයා බවට පත් විය. පසුව යුනෙස්කෝ හි සන්නාම තානාපතිවරයෙකු බවට ද පත් විය. වසර 5 කට පසුව බකිංහැම් මාළිගයේ පැවති උත්සවයකදී නයිට් නාමයෙන් පුද ලැබීය.



1995 දී බ්‍රසීල ජනපති ෆර්නැන්ඩෝ හෙන්රික් ඔහුව බ්‍රසීලයේ ක්‍රීඩා ඇමති බවට පත් කළේය. අනතුරුව පේලේගේ වැඩිම ශ්‍රමයක් වැය වුණේ ඒ වන විට බ්‍රසීල පාපන්දු ක්‍රීඩාව පුරා පැතිර තිබූ අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීම පිණිස ය. බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාවට අදාළ නීති රීති සම්භාරය ගෙන ඒ්මට ඔහු මුල් විය. එය ‘පේලේගේ නීතිය’ (Pele’s Law )(1998) යනුවෙන් හැඳින්වේ. රටේ දූෂණය නතර කිරීමට පෙරමුණ ගත් පේලේට ද දූෂණ චෝදනා එල්ල විය. ඔහු යුනෙස්කෝ සංවිධානයේ තානාපති ධුරයෙන් ඉවත් වන්නේ එනිසා ය. නමුත් ඒ චෝදනා කිසි දිනෙක සනාථ කළ හැකි වූයේ නැත.



2016 ඔලිම්පික් උළෙල බ්‍රසීලයේ රියෝ ද‌ ජෙනෙයිරෝ වෙත ගෙන එන්නට වැඩිම සම්මාදමක් ලබාදුන් පුද්ගලයා ඔහු ය. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙන් අනතුරුව ඔහු ඒ වෙනුවෙන් වෙහෙස විය. 2005 වසරේදී පේලේ the BBC’s Sports Personality of the Year හිදී ජීවිත කාලය සඳහා එක් වරක් පමණක් ලබන සම්මානයෙන් පිදුම් ලැබීය.



තෙවරක් විවාහ වෙයි.



පේලේ 1966 වසරේදී රෝස්මෙරී දොස් රෙයිස් සමග විවාපත් වී දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියා බවට පත් විය. පසුව චිත්‍රපට උමතුව තුළින්ම හමු වූ Xuxa සමග විවාපත් වී පසුව ඇගෙන් වෙන් වුණේය. එම විවාහයෙන් ද පේලේට නිවුන් දරුවන් දෙදෙනෙකු සිටියි. 2016 වසරේදී ඔහු නැවත විවාහ වන්නේ ජපන්-බ්‍රසීල ව්‍යාපාරික කාන්තාවක වූ මාෂියා අයෝකි සමග ය. ඔවුන් 1980 වසරේදී මුලින්ම හමු වූ බව කියැවේ.



අවසන් කාලය



2021 වසරේ පටන් පේලේගේ සෞඛ්‍යය පිරිහෙමින් තිබුණේය. ඔහුගේ බඩවැලක පිළිකා ගැටිත්තක් මතුව තිබිණි. මිය යන විට වසරකට අධික කාලයක් ඔහු කීමෝතෙරපි ප්‍රතිකාර ලබමින් සිටියේය. අවසන් වරට 2022 නොවැම්බර් මාසයේදී රෝහල්ගත වන විට ඔහු ඉන්ස්ටග්‍රෑම් හරහා කියා තිබුණේ ‘මාසික විසිට්’ එක සදහා රෝහල්ගත වන බවයි. කටාර් පාපන්දු කුසලානයේ සංවිධායකවරුන්ට සුබ පතන්නටත් ඔහු අමතක කර නොතිබිණි.

උකුල් ඇටයේ කළ සැත්කමක් හේතුවෙන් ද පේලේ පීඩා විඳිමින් සිටියේය.

ගෝලීය සන්නාමයක්

වරක් ඔහු ම කියා තිබුණු පරිදි මේ ලෝකයේ තිබෙන්නේ සත්‍ය සන්නාම 3 ක් පමණි. එනම් ජේසු, කොකාකෝලා සහ පේලේ ය.

එය සැබෑවකි. පාපන්දු ක්‍රීඩාවට ප්‍රිය නොකරන අය පවා පේලේ ගැන දනිති.

බාගවිට, පේලේ ගැන හොඳම සඳහන කළේ, පශ්චාත් ඇපාතෙයිඩ් දකුණු අප්‍රිකාව පාපන්දු ක්‍රීඩාවෙන් එක්සත් කළ නෙල්සන් මැන්ඩෙලා විය හැකිය. ඔහු මෙසේ කියා ඇත.

”ඔහු සෙල්ලම් කරනවා නැරඹීම, මිනිසෙකුගේ අසාමාන්‍ය ශෝභනත්වයෙන් පිරි කුඩා ළමයෙකුගේ කුල්මත් වීම නරඹනවා වැනි ය”.



බ්‍රසීලයේ ජාතික වීරයෙකු බවට නිසගයෙන් පත්වූ පේලේ 2022.12.29 දින, එනම් මෙයට පැය කිහිපයකට මෙලොව හැර දමා ගිය පසුවත් අපට එක් දෙයක් නිසැක ය. ඒ, ඔහු දෙව්ලොව පවා පාපන්දු ක්‍රීඩා කරන්නට බොහෝ ඉඩ ඇති බවයි.



– රදිකා ගුණරත්න

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan