ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රත්නපාල විතාන දිවිසැරිය නිමාකරයි

Date:

ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ රත්නපාල විතාන මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඊයේ (29) දින උදෑසන කැනඩාවේදී අභාවප්‍රාප්ත වී ඇති ඒ මහතා මිය යන විට 94 වන වියේ පසුවිය.

1950 දශකයේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ පුරෝගාමිත්වයෙන් පළ වූ ‘‘සිංහල ජාතිය’’ පුවත්පත හරහා පුවත්පත් කලාවේදියකු වූ ඒ මහතා පසුව කොළඹ කොටුව බ්රි ස්ටල් වීදියේ පිහිටුවා තිබ ටයිම්ස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ ලංකාදීප පුවත්පතට ආරම්භක යුගයේදීම එක්වූ සාමාජිකයෙකි.

ඓතිහාසික කරුණු අළලා ගවේෂණාත්මක ලිපි ලිවීමෙහි රුසියකු වූ විතාන මහතා ලියූ ලිපි එකල ආන්දෝලනාත්මක වූ බව පැවසේ.

විශේෂයෙන් දුටුගැමුණු භෂ්මාවශේෂ පැරැණි මඩු ගබඩාවක මැයෙන් එකල ටයිම්ස් ආයතනයේ ලංකාදීපයට ඒ මහතා ලියූ ලිපිය මහත් සේ සමාජ කතාබහට ලක්විය. ඊට අමතරව බලංගොඩ මානවයා සම්බන්ධව ලිපි පළකර තිබේ.

සරල සුගම ශෛලියෙන් සිංහල බස හැසිරවීමෙහි හපන්කම් පා ඇති රත්නපාල විතාන මහතා ටයිම්ස් ආයතනය වැසීමෙන් පසු මහවැලි සංවර්ධන අමාත්යම ගාමිණී දිසානායක මහතාගේ ඇරයුමෙන් අමාත්යාං ශයේ ප්රගවෘත්ති නිලධාරි ලෙසද කටයුතු කළේය.

පසුව සිය දරුවන් සමග හෙතෙම කුනඩාවේ පදිංචියට ගොස් ඇත.

ටයිම්ස් ආයතනයේ දිනපතා ලංකාදීප පුවත්පතේ ප්රාංදේශීය ප්රයවෘත්ති කර්තෘවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.

කැනඩාවේ පදිංචි වුවද පත්රට කලාව අත්නොහැරිය විතාන මහතා, එහි සිට විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප පුවත්පතට වරින් වර ලිපි සැපයුවේය.

ඔහුගේ දියණියක වන ජානකී විතානගේ කලක් දිනමිණ මාධවේදිනියක සේ ක්‍රියාකළාය.

අභාවයෙන් පසු කල් නොයවා ඉතාමත් ඉක්මනින් අවසන් කටයුතු කරන ලෙසට ඒ මහතා කර තිබූ ඉල්ලීමක් පරිදි අද (30) දින කැනඩාවේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත.

මූලාශ්‍රය: ලංකාදීප

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...