බදු අයකරගන්නා ක්‍රමය තවමත් නිරවුල් නැහැ. මෙතන තියෙන්නේ බදු විකෘතියක් – හදුන්නෙත්ති

Date:

කොළඹ LNW: ජනවාරි පළමුවෙනිදාට බදු අයකර ගන්නා ක්‍රමය ගැන නිරවුල් වැඩපිළිවෙළක් තාමත් ඉදිරිපත් කර නොමැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

වැට් බද්ද 18% වුණත් ක්‍රියාත්මක වීමේදී 18.45%ක් දක්වා වැඩිවීමක් සිදුවන බවයි හදුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

එලෙස සිදුවන්නේ 2.5%ක් වන සමාජ ආරක්ෂණ බදු ක්‍රියාත්මක වන භාණ්ඩ මත වැට් බද්දත් අයකරනවා නම් බදු ප්‍රතිශතය ඉහළ යන බවයි ඔහු පවසන්නේ.

කෙසේවෙතත් රජය ඉලක්ක කරන රුපියල් කෝටි එක් ලක්ෂ හතළිස් දහසක ආදායම කෙසේ හෝ උපයා ගනු ඇති බවද හදුන්නෙත්ති මහතා කියාසිටියි.

”ජනවාරි පළමුවෙනිදාට බදු අයකර ගන්නා ක්‍රමය ගැන නිරවුල් වැඩපිළිවෙළක් තාමත් ඉදිරිපත් කර නැහැ. උදාහරණයක් ලෙස ඉන්ධනවලට අලුතින් වැට් බදු අය කළත් වරායෙන් ගොඩබාන මිලට අය කරනවාද, රේගු ගාස්තු ඇතුළු අනෙකුත් බදු අය කළ පසුව ඒ මත වැට් බද්ද අයකරනවාද, යන්න දැන් තමයි කියන්න පටන් අරගෙන තියෙන්නේ. රුපියල් 1000/-ක් වන භාණ්ඩයකට 18%ක වැට් බදු අය කරනවා නම්, මිල රුපියල් 1180/-ක් වෙනවා. නමුත් රුපියල් 1000/- මිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද අයකිරීමෙන් පසුව වැට් බද්ද අයකරනවා නම්, ඒ භාණ්ඩයේ මිල රුපියල් 1209/-ක් වෙනවා. මොකද රුපියල් 1025/-ක් මත වැට් බද්ද අය කිරීම සිදුවෙනවා. මේ නිසා ඇත්තටම වැට් බද්ද 18% වුණත් ක්‍රියාත්මක වීමේදී 18.45%ක් බවට පත්වෙනවා. පනවන බද්ද ගැන විග්‍රහ කර නැති නිසා බදු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ බදු ඉහළ යාමක් සිදුවෙනවා. ආණ්ඩුව උපයා ගැනීමට ඉලක්ක කර තිබෙන ආදායම් රුපියල් කෝටි එක් ලක්ෂ හතළිස් දහස දක්වා කෙසේ හෝ අයකර ගැනීමට ක්‍රියා කරාවි. නමුත් ජනතාවට මොකද වෙන්නේ? ඔවුන්ගේ ආදායම් වැඩිවී නැහැ. සෞඛ්‍ය, කළමනාකරණ සහකාර, රියදුරු, කම්කරු, හමුදා, පොලීසි ඇතුළු මාසික පඩි ගන්නා රජයේ සේවකයන් නන්නත්තාර වී ඉන්නේ. ළූණු කෑවාද? දැන් සැපද? කියලා ඇහුව මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ දී අත උස්සලා අයවැය සහ බදු සංශෝධන අනුමත කළා. දැන් එළියට ඇවිත් වැට් බද්දට විරුද්ධ බව ප්‍රකාශ කරනවා.”

වැල් පොළිය වගේ 18%ක වැට් බද්ද වැල් බද්දක් වී තිබෙන අතර මෙය ඉතා බරපතල පීඩාකාරී දෙයක් බව හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

”බදු ගෙවිය යුත්තේ මොනවාටද යන්න දැන ගැනීමේ ශුද්ධ වූ අයිතියක් මේ රටේ ජනතාවට තිබෙනවා. විදුලි බිලටත් මේ ආකාරයෙන්මයි. විදුලි බිලට ඒකක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව එකතු කිරීමෙන් වැට් බද්ද අයකරනවාද යන්න පැහැදිලි නැහැ. ඉන්ධනවලටත් ඒ වගේමයි. ශල්‍ය උපකරණවලටත් ඒ වගේමයි. හිතාමතාම බදු විකෘති කර, වෙළඳපොළ, කර්මාන්ත සහ ජනතාව ව්‍යාකූල කිරීමට ආණ්ඩුව ගෙනයන මෙහෙයුමක් මේක” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඝාතන තැතක් ව්‍යර්ථ වේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද උදෑසන (01) හික්කඩුව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 අගෝස්තු කලාපය නෙක විසිතුරු ජාති ජම්මහැදිල්ලේ ඉගිලෙති...

🍎ජනපති, ආණ්ඩුව හා ඇමෙරිකන් මහින්ද ඇමෙරිකන් ඉබ්බාගෙන් පිහාටු ලබා ගැනීම…..!

අශෝක ජයතුංග අගෝස්තු 01 වොෂින්ටන් LNW : ලංකාව බංකොලොත් වී යන්තමට...

මූල්‍ය අර්බූද කතා බොරු කරමින් ක්‍රිකට්, පරිසර හිතකාමී ආලෝකයකටද පියවර තබයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: සමාජ මාධ්‍ය යොදා ගනිමින් යම්...