*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

දයාසිරිගෙන් මසුරන් වටින වැඩක්!

කොළඹ LNW: හිටපු ජනාධිපතිවරුන් පාර්ලිමේන්තු පැමිණීම වැලැක්වීම සඳහා තමන් මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඔවුන් නැවත පාර්ලිමේන්තු පැමිණෙන්නේ නම් ජනාධිපති වරප්‍රසාද ගැනීම වැළැක්විය විය යුතු බවත් ඒ සඳහා නීතියක් ඇති කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

”ගොල්ෆේස් එකට මිනිස්සු ආවා කියන එකෙන් රට සුඛිත මුදිත වෙන්න්‍රෙ නෑ. වැට් එක වැඩිවෙන්න තියෙන්නේ ජනවාරි. කලින් ගෙනාපු ඒවටත් මිල වැඩිකරලා මේවා නවත්වන්න නීති ගේන්න ඕන.මේ ගෙවිච්ච වසර තුළ ජනතාව ආර්ථික වශයෙන් කඩාවැටිලා තියෙනවා. දේශපාලන වශයෙන් කඩාවැටිලා. ලබන අවුරුද්දේ රටේ දේශපාලන ස්ථාවරත්වය හදන්න ඕන.”

මේ අතර තමන් කිසිවිටෙක යළි එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළ හැකි උපරිම කැපවීම ලබාදෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ අතර තමන්ව කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර තිබෙන අතර එවැනි ක්‍රියාවලින් සිදුවන්නේ පක්ෂය කඩා වැටීම බවද හෙතෙම අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan