මහපොළ මහා මඩවලක් ඉතුරු කර ජා-ඇලෙන් නික්ම යයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලාකේය දරු දැරියනගේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇති කළ මහපොළ වෙනුවෙන් පැවත්වෙන අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශනය නැවත ආරම්භ කළේ ජාඇල මහා නගර සභා පිටිය කේන්ද්‍ර කරගෙනයි.එය අතිශයින් වැදගත් කාරණයක්.නමුත් එහිදී උසස් උධ්‍යාපනයට ආලෝකය ලබා දීම පිණිස අන් සියල්ල නොසළකා හැරීම නොකළ යුතුයි.

ජනාධිපිතිවරයාගේ සිට දේශපාලන නායකයන් මෙන්ම දිස්ත්‍රිත්කයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ද ජාතික මටුටමේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ද පය තබා නික්ම ගිය පසුව ජඇල නගර සභා පිටිය එය ප්‍රයෝජනයට ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවෙකුට සිය පුහුණුවීම් කිසිවක් කරගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.මහපොළ නිමාවේ,ජාඇල නගර සභාව මහා මඩවලක් කර නික්ම ගොස් තිබෙන අයුරු දැක ගන්නට හැකි අතර ඒ සම්බන්ධ වචන නොවන රූපමය සාක්ෂි මේ සමඟ දැක්වෙනවා.

රටේ උසස් අධ්‍යාපනයට රුකුලක් දීමේ අරමුණට කිසිවෙකුත් විරුද්ධ නොවන අතර එවැනි අවශ්‍යයත්වයක් වෙනුවෙන් වෙන් කළ බිමක් එය භාවිතා කිළ කිසිවෙකුට ප්‍රයෝජනයක් නැති තැනක් කර තිබීම ඛේදනීය තත්ත්වයක්.මේ තත්ත්වය වහා නිවැරදි කිරීමට බලධාරීන් ඉදිරිිපත් නොවුණොත් එම ක්‍රීඩා පිටිය ප්‍රයෝජනයට ගත් සියලුම දෙනාට ඉදිරි වසර සඳහා ක්‍රීඩා කටයුතු කිරීමට ක්‍රීඩා පිටියක් නැතුව යනවා.ක්‍රීඩා අමාත්‍යවරයා ද ගම්පහ දිස්ත්‍රික්කයට සම්බන්ධව ඉදිරි දේශපාලන කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවට ඉඟි පළ වන අතර එසේ නොවුණ ද,ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිය ඇති අයෙකු ලෙස මේ කාරණයට සංවේදී වනු ඇතැයි අප විශ්වාස කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Dockyard නව ගමනක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : Colombo Dockyard PLC...

නව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ නිලවරණය හෙට!

කොළඹ LNW:ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු...

ආර්ථිකමය වශයෙන් ලොව ධනවත්ම රටවල් දහයෙන් හතක්ම යුරෝපයෙන්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): ආර්ථික බලය යනු බොහෝ...

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව...