අකිල කලකට පසුව ජාතික සංචිතයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අකිල ධනංජය කලකට පසුව ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වී තිබෙනවා.ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවත්වෙන විස්සයි විස්ස සහ සහ එක්දින තරගාවලිය වෙනුවෙන්.අකිල මෙම සංචිත දෙකටම කැඳවා ඇති අතර ඔහු අවසාන වරට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2021 වසරේදි යි.අකිල වඩාත් වැදගත් වන්නේ ඔහු එකම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම සහ එක් පන්දු වාරයකට හයේ පහර හයක් ලබා ගැනීම නිසයි.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.එහිදී ඔහුගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු වූයේ එවින් ලෙවිස්,ක්‍රිස් ගේල් සහ නිකොලස් පූරන් යන තිදෙනායි.කිරන් පොලාර්ඩ් ඔහුට එම තරගයේදීම එක ඕවරයකදී හයේ පහර හයකින් සංග්‍රහ කළා.

නම් කර තිබෙන 20/20 සංචිතය සඳහා වනිඳු හසරංගගේ නායකත්වයෙන් විසි දෙනෛකුගේ කණ්ඩායමක් නම් කර තිබෙනවා.එක්දින සංචිතය සඳහා නායකයා ලෙස නම් කර ඇත්තේ කුසල් මෙණ්ඩිස් වන අතර එම සංචිතයට විසි එක් දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබෙනවා.මෙම කණ්ඩායම් දෙක සඳහාම උප නායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...