යුක්තියට “යුක්තිය”!

Date:

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ “යුක්තිය” මෙහෙයුම;
– මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක්
– මත්ද්‍රව්‍ය මාෆියාව සැඟව යාමේ අවධානමක්

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ‘යුක්තිය’ වැඩසටහන මත්ද්‍රව්‍යවලට එරෙහි සටනේ කැපී පෙනෙන ප්‍රබල බලවේගයකි. මෙම මෙහෙයුම හරහා කලක් පැතිර ගිය මත්ද්‍රව්‍ය මාෆියාව මේ වනවිට හුදකලාව ගොස් ඇත. මෙම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ වත්මන් වැඩබලන පොලිස්පතිවරයා (IGP) සහ මෙම මුලපිරීමේ සුක්කානම දරන අමාත්‍යවරයාගේ සහයෝගීතාවයේ ප්‍රයත්නයයි. මෙම මෙහෙයුම නැරඹීමට රට පුරා සිටින ජනතාව තම රූපවාහිනීයට යොමු වන්නේ ඉතා උද්යෝගයෙනි.

‘යුක්තිය’ විශේෂයෙන් කැපී පෙනෙන්නේ එහි දේශපාලන සහ පුද්ගල අනන්‍යතා සීමාවෙන් ඔබ්බට ගොස් තිබීමයි. කවුරු තනතුරු දැරුවත් අපේ අනාගත පරපුරට මේ සමාජයට හා ඒ සමඟ එන පාතාල උවදුරෙන් මිදීම වැදගත්ය.එය දේශපාලනික අවශ්‍යතාවක් නොව ජාතික අවශ්‍යතාවකි.

තවමත් ආර්ථික අර්බුදයක ගිලී සිටින අපේ රට තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙමින් සිටින කාල වකවානුවක පුළුල්ව පැතිරුනු මත්ද්‍රව්‍ය ප්‍රශ්නය, අපේ සමාජයට තර්ජනයක් වී ඇත. එබැවින් ‘යුක්තිය’ මුලපිරීම නීතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපාරයක් පමණක් නොව එය සමාජ පුනර්ජීවන ව්‍යාපෘතියකි.

මෙම මෙහෙයුම මේ වනවිට සෑම දෙනාගේම පැසසුමට ලක්ව ඇති අතර, මෙම ප්‍රගතිය අඩපණ කිරීමට ඇතැමුන් විසින් දරන උත්සාහයන් ද පවතී. පටු දේශපාලන න්‍යාය පත්‍ර හෝ සැඟවුණු අවශ්‍යතාවලින් පෙළඹී ඇති මෙම උත්සාහයන් ජාතියේ සාමූහික යහපැවැත්මට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරයි.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ශ්‍රී ලංකාවට මේ තීරණාත්මක අවස්ථාවේදී ඒකාබද්ධ ස්ථාවරයක්, අඛණ්ඩ ජවයක් සහ අපක්ෂපාතීත්වයක් අත්‍යවශ්‍ය වේ.

නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොව අපේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය ග්‍රහණයෙන් මිදී, අපේ සමාජයට සෞඛ්‍ය සම්පන්න සහ සමෘද්ධියෙන් දියුණු විය හැකි අනාගතයක් පරපුරක් සුරක්ෂිත කිරීම “යුක්තියෙ” හි අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...