බිංගිරියේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑ සැකකරුවන් රිමාන්ඩ් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (දෙසැම්බර් 30) දිනයේදී බිංගිරිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද දිනයේදී ඔවුන් හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සැකකරුවන් දෙදෙනා ජනවාරි 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හෙට්ටිපොල වැඩබලන මහේස්ත්‍රාත් ඒ. සී. ඒ. සලාම් මහතා ජනවාරි 07 වනදා ඔවුන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියෝග කර ඇත.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...

වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය...

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...

ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා සිදු...