මිල වැඩි වුණත් කිරිපිටි හිඟය තවදුරටත් තියේවි – ආනයනකරුවන්

Date:

කිරිපිටි මිල වැඩි කළත් වෙළඳපොලේ කිරිපිටි හිඟය තවදුරටත් යම් මට්ටමකින් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

“දැන් මෙතන කරුණු දෙකක් තියෙනවා. මිල වැඩිකරන්න ප්‍රධාන හේතුව අපට ආනයනය කරන්න වෙන්නෙ අලුත් මිලට තමයි, අපට තරගකාරී තත්වයක්නෙ තියෙන්නෙ ලෝක වෙළඳපොලේ. නමුත් මෙතෙන්දි කිරිපිටි ගෙන්වීමේ ප්‍රශ්නය තව ඉස්සරහට විසඳන්න වෙනවා. මොකද එතන ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ බැංකුවලින් අපට ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයක් තියෙනවා ඩොලර් හිඟය නිසා. ඒ ප්‍රශ්නය ඉස්සරහට විසඳිය යුතුයි. එතකොට තමයි මේ සැපයුම යථාකාලීන වෙන්නෙ. ඉතින් එතකල් මේ ගැටළුව තියෙනවා. කිරිපිටි මිල වැඩිවුණේ ලෝක වෙළඳපොලේ ප්‍රවණතාවය නිසයි, නමුත් කිරිපිටි ගෙන්වීමේ දුෂ්කරතාවය තාම තියෙනවා. ඒ කියන්නෙ කිරිපිටි එනවා, එන ප්‍රමාණය මදි. අවශ්‍ය ප්‍රමාණය ගෙන්වාගන්න අමාරුයි, ඒ ඩොලර් ප්‍රශ්නය නිසා”

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...