Wednesday, March 22, 2023
spot_img

Latest Posts

පොහොට්ටුව දෙවරක්ම අයවැය පැරදුණු වාරියපොල සභාවේ ගුටි කෙළියක් ! (VIDEO)

ඊයේ (30) පැවති වාරියපොල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන් අතර කළහකාරී තත්වයක් උද්ගත වී තිබේ.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එහි සභාපතිවරයාට තවදුරටත් එම තනතුර දැරීමට බලයක් නොමැති බව විපක්ෂය විසින් ප්‍රකාශ කිරීමත් සමඟය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාරියපොල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ 2022 අයවැය ලේඛනය දෙවතාවකදීම වැඩි ඡන්දයෙන් පරාජයට පත්වී තිබිණි.

ඒ අනුව ඊයේ දිනයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අයවැය දෙවරක් පරාජයට පත්වූ විට සභාපතිවරයාගේ ධුරය අවසන් වන නිසා ඔහුට තවදුරටත් මාසික සභා රැස්වීම කැඳවිය නොහැකි බවයි.

එහෙත් සභාපතිවරයා ප්‍රකාශ කළේ අයවැය දෙවරක් පරාජයට පත් වුවත් තමන් ධුරයෙන් ඉවත් කරන බවක් පළාත් ආණ්ඩුකාරවරයා විසින් දැනුම් දී නොමැති නිසා තමන්ට තවදුරටත් සභාපති ධුරයෙහි කටයුතු කළ හැකි බවකි. ඒ සම්බන්ධයෙන් වූ බහින්බස් වීම දුරදිග යෑමෙන් සභාව තුළ ගැටුමක් ඇතිවිය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.