Thursday, March 23, 2023
spot_img

Latest Posts

මිල වැඩි වුණත් කිරිපිටි හිඟය තවදුරටත් තියේවි – ආනයනකරුවන්

කිරිපිටි මිල වැඩි කළත් වෙළඳපොලේ කිරිපිටි හිඟය තවදුරටත් යම් මට්ටමකින් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

“දැන් මෙතන කරුණු දෙකක් තියෙනවා. මිල වැඩිකරන්න ප්‍රධාන හේතුව අපට ආනයනය කරන්න වෙන්නෙ අලුත් මිලට තමයි, අපට තරගකාරී තත්වයක්නෙ තියෙන්නෙ ලෝක වෙළඳපොලේ. නමුත් මෙතෙන්දි කිරිපිටි ගෙන්වීමේ ප්‍රශ්නය තව ඉස්සරහට විසඳන්න වෙනවා. මොකද එතන ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ බැංකුවලින් අපට ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයක් තියෙනවා ඩොලර් හිඟය නිසා. ඒ ප්‍රශ්නය ඉස්සරහට විසඳිය යුතුයි. එතකොට තමයි මේ සැපයුම යථාකාලීන වෙන්නෙ. ඉතින් එතකල් මේ ගැටළුව තියෙනවා. කිරිපිටි මිල වැඩිවුණේ ලෝක වෙළඳපොලේ ප්‍රවණතාවය නිසයි, නමුත් කිරිපිටි ගෙන්වීමේ දුෂ්කරතාවය තාම තියෙනවා. ඒ කියන්නෙ කිරිපිටි එනවා, එන ප්‍රමාණය මදි. අවශ්‍ය ප්‍රමාණය ගෙන්වාගන්න අමාරුයි, ඒ ඩොලර් ප්‍රශ්නය නිසා”

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.