ජනතාව අපිව ඉල්ලන්නේ ජවිපෙ අතීතය නිසා. ජාජබ කියන්නේ අතරමැදි මධ්‍යස්ථානයක් – අනුර (VIDEO)

Date:

ජනතා විමුක්ති පෙරමුණේ අතීතය සැඟවීම සඳහා ජාතික ජන බලවේගය නමැති පොරෝණාව ඇටවූ බවට ඇතැමුන් නඟන චෝදනාව අසත්‍ය බවත් ජනතාව තමන්ව ඉල්ලා සිටින්නේ ජවිපෙ අතීතය නිසාම බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“සමහර අය කියනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ අතීතය මකාදැමීම වෙනුවෙන් ජාතික ජන බලවේගය කියන පොරෝණය ඇටෙව්වාද, ඕකනෙ මෙහි සරල කතාව ? හැබැයි අද ගත්තොත් රටේ පුරවැසියන්ගේ, පොදු ජනතාවගේ මේ වෙනස පිළිබඳව අපිව අපේක්ෂා කරන්නේ අපේ අතීතය නිසාම තමයි. ජාතික ජන බලවේගය කියන නම කියවෙන්නෙ නෑ. හුඟාක් අය කියන්නෙ ජවිපෙට දෙන්න ඕනෙ, ජවිපෙ තමයි දැන් එන්න ඕනෙ. එහෙම නම් අපට අතීතයේ අපේ අත්දැකීම්, අතීතයේ අපේ භාවිතාවන්, අතීතයේ අපි ජනතාවට ප්‍රායෝගිකව පෙන්නලා තියෙන දේ තමයි අපේ උරුමය. ඒකට තමයි පුරවැසියන් එන්නෙ.

හැබැයි අපි තමයි අපේක්ෂා කරන්නෙ – මේක අපේ වැඩක් – පක්ෂයෙන් එහා යන පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍යයයි කියලා. ඒක අපේ තෝරාගැනීමක්. ඇයි ඒ ? අපි හිතනවා මේ රට වෙනස් කරගැනීම සඳහා අවංක පිරිස්, අදූෂිත පිරිස්, කැපකිරීමක් කරන්න පුළුවන් පිරිස් තව බොහෝ අය ඉන්නවා, පක්ෂෙන් එළියෙත් ඉන්නවා.

ඇත්ත වශයෙන්ම අපේ පක්ෂය, අපේ පක්ෂයේ කාඩර් එක මෙහෙයවීම ටිකක් දුෂ්කර වැඩක්. ඒක සරල නැහැ. ඒ කියන්නෙ මෙය ඉතාමත් පරිභෝජනවාදී ආර්ථිකයක් තියෙන, තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථ හඹායන තැනක, මේ පොදු ව්‍යායාමය වෙනුවෙන් වැඩ කරන්න තමන්ගෙ ජීවිතයෙන් වැඩි කාලයක් තමන්ගෙ මුළු අරමුණම කේන්ද්‍ර කරගෙන දේශපාලනය කිරීම අසීරු වැඩක්. හැබැයි අපි ඒ කාඩර් එක, ඒ ශක්තිය තියාගන්න ගමන්, ඒ කාඩර් එකත් ඒ ශක්තියත් අරගත්තු මහජන ව්‍යාපාරයක් අපි ගොඩනඟන්න ඕනෙ. අන්න ඒ මහජන ව්‍යාපාරය නිර්මාණය කරනකොට අවංක, මේ රට වෙනස්කිරීමේ අරමුණ සහිත, දැනුම ඇති, අදූෂිත බොහෝ පිරිස් එළියෙ ඉන්නවා. ඒ එළියෙ ඉන්න අයට අපි ටිකක් දුරස්. සමහර අය අපටත් දුරස්. ඒ නිසා අපි ඒ ඔක්කොටම එකතුවෙන්න පුළුවන් අතරමැදි මධ්‍යස්ථානයක් හදනවා, ඒක තමයි ජාතික ජන බලවේගය”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...