හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ දෙවියන් සමීපයට ගිය පුවත අනාවරනය වේ

Date:

95වන වියේ පසු වූ හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ වතිකානු නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බව වතිකානුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කණගාටුවෙන් දන්වා තිබේ.


එතුමන් සිය අවසන් වසර වතිකානුවේ තාප්පයේ පිහිටි Mater Ecclesiae ආරාමයේ ගත අතර, වසර අටකට අඩු කාලයක් කතෝලික පල්ලියට නායකත්වය දුන් පාප් වහන්සේ 2013 දී, 1415 දී XII ග්‍රෙගරි පාප් වහන්සේගෙන් පසුව ඉල්ලා අස් වූ පළමු පාප්වරයා බවට පත්විය.

ජර්මනියේ ජෝසප් රැට්සිංගර් ලෙස උපත ලැබූ බෙනඩික්ට් 2005 දී මෙතෙක් තේරී පත් වූ වයස්ගතම පාප්වරයෙකු වූ අතර, එතුමන් පාප් පදවියට පත්වන විට 78 වැනි වියේ පසුවිය. ඔහු පාප් පදවිය දරන කාලයේ ළමා අපචාර පිලිබඳ චෝදනා, නීතිමය හිමිකම් සහ නිල වාර්තා චෝදනාවන්ට මුහුණ දුන්නේය. 1977 සිට 1982 දක්වා කාලය තුළ මියුනිච් අගරදගුරුවරයා ලෙස කටයුතු කරන අතරතුර අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් වැරදි සිදු වූ බව හිටපු පාප් වහන්සේ මේ වසර මුලදී පිළිගෙන තිබිණි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...