අලුත් අවුරුද්දේ වැඩ බලන පොලිස්පතිතුමාට වැඩ අල්ලන්න වුණේ දුරකතන ඇමතුමකින්.එහා පැත්තෙන් කතා කරේ නීතිඥවරියක්.
මගේ සේවාදායිකාවගේ උපාධි සහතිකය කහවත්ත පොලිසිය හොරකම් කරලා.එහෙම නැත්නම් පොලිසිය දැනුවත්ව මාධය සම්බන්ධ වෙලා හොරකම් කරලා.
පොලිස්පතිවරයා අලුත් අවුරුද්දෙ මේ අප්‍රභංශය අහන්න වෙයි කියලා හිතාගෙනවත් හිටපු එකක් නෙමෙයි.පොඩ්ඩක් තොලත් වෙව්ලුවා.වචන නිකං අමතක වුණා වගෙ.
“පොලිසියට මොකටද කාගෙවත් උපාධි සහතිකයක්.එකෙන් ඒ කාටවත් ප්‍රයෝජනයක් නැහැනෙ.”
අන්තිමට වැඩ බලන්නා යාන්තමට වචන ගලපගත්තා.
“ඒක ඉතිං ඔබතුමාගෙ පොලිසියේ අයගෙන් තමයි අහන්න ඕනි.”
නීතිඥවරිය තදින්ම කිව්වා.
බලන්නකො කරලා තියෙන හරිය,මං ඔබතුමාගෙ වට්ස්ඇප් එකට එව්වා.
ස්ථීර වෙන්න පොලිස්පති යුක්තියත් පැත්තක දාලා වට්ස්ඇප් එක දිග ඇරියා.ඒකෙ තියෙන්නෙ මැරිච්ච අම්මගෙ උපාධිධාරි තරුණිය මරණයට සැකපිට අත්අඩංගුවට ගත්ත බවයි.ඒත් නැවත එළියට දාන වෙලාවෙ ඒක සැකකාර තරුණිය වගෙ එකකින් හඳුන්වලා දෙනවා ඇරෙන්න අර උපාධිය කොහෙවත් නැහැ.
දැන් ඉතිං මොකද කරන්නෙ කියලා පොලිස්පති හෙන කල්පනාවකට වැටුණා.මේක පොලිසියේ කෙනෙක් ගන්න ඇද්ද,මාධ්‍යයේ කෙනෙක් ගන්න ඇද්ද,තුන්පාරක් ගෙටම ගිය බල්ලා ගන්න ඇද්ද එහෙම නැත්නම් රිමාන්ඩ් එකේ ඉද්දි ඒකෙ හිටපු කුඩු කාරයෙක් උස්සන්න ඇද්ද වගේ ප්‍රශ්න දාහක් විතර මනුස්සයගෙ ඔළුව වටේ කැරකෙන්න වුණා.
“බල්ලා තුන්පාරක් ඇතුළට ගිය එක තමයි සර් මේකෙ මුල්ම ප්‍රශ්නය.නිදි මරාගෙන කට්ට කාගෙන හරියට බටා එකවත් ගෙවන්නෙ නැති කාලෙක අපේ කොල්ලො ඉතිං මේසන් බාස් හොයන්න මහන්සි වෙන්නෙ නැතුව බල්ලගෙ පස්සෙන් ගිහිං කෙල්ලව ඇරෙස්ට් කළා.ස්ර් මේ දවස්වල මීඩියා එකේ කොල්ලෙක් හරි බල්ලලෙක් හරි කමක් නැහැ යුක්තියට යනකොට අරං යන්න කියලනෙ තියෙන්නෙ සංදර්ශණයට.එහෙම අරගෙන ගිය එකෙක් තමයි ඕක උස්සන්න ඇත්තෙ.”
කහවත්තෙ ඕඅයිසී කියාගෙන ගියා.
“බලනවකො තමුසෙලගෙ වැඩ.තමුසෙල බල්ල පස්සෙන් ගියා පොලිසිය බල්ලට ගියා වගෙ වැඩක්නෙ වුණේ”
වැඩ බලන්නා දිග සුසුමක් හෙළුවා.
“ඔය කතාවනම් ස්ර් මේ දවස්වල ඉතිං හැම තැනම ඇහෙනවා.නීතියෙන් වරදකරුවෙක් වෙච්චි පොලිස්පති කෙනෙක් වැඩ බලන පොලිසියෙන් කොහෙද සාධාරණයක් බලාපොරොත්තුවේනනෙ කියලා මිනිස්සු අහනවා.හරියට අපි දිහා බලන්නෙ ඔය ස්ර් කියන සතා දිහා බලන විදිහට තමයි දැන්.”
ඒ කතාව කිව්ව විතරයි වැඩ බලන්නා දුරකතනය පොළවෙ ගැහැව්වා වගෙ තිබ්බෙ.ඒ එක්කම සුබ සාධන අංශයෙන් පොලිස්පති කාමරේට කඩාගෙන පැන්නා.
“ස්ර් පොලිසිවල නවාතැන් ප්‍රශ්නයක් එන ලකුණු තියෙන්නෙ.මේ වැට් ප්‍රශ්නය හින්ද නිලධාරීන්ට පොලිසියෙන් එළියට බැහැල ගෙදර යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ.”
සුබ සාධන අංශය විශාල ෆයිල් මිටියක් මේසෙ උඩින් තියන ගමන් කිව්වා.
හැපි නිව් ඉයර් කියන්නෙ නැතුව ප්‍රශ්න උස්සන් ආවට පොඩි කේන්තියක් ආවත්,වැට් ප්‍රශ්නයට කෑ ගහන එව්වන්ට නෙළලා ඉහළම ඉන්න උන් ටික අල්ලලා ඇතුළට දැම්මම ආණ්ඩුවෙන් වැටෙන ලකුණු සහ වැඩ බැලීම ස්ථීර වෙන හැටි මනුස්සයට කල්පනා වුණාම සුබ සාධන අංශෙ කෙනාට මනුස්සය හැපි නිව් ඉයර් කියලා ෆයිල් ටික ලං කර ගත්තා.
“තරාතිරම බලන්නෙ නැතුව ගහන්න කියනවා.ඇරෙස්ට් කරන්න කියනවා.වැස්ස හින්ද වතුර ප්‍රශ්නයකුත් නැහැනෙ.වතුර විඳින්න කියනවා.බැටන් පොලු මදිනම් කුරුදු පොලු ගන්න පෙටි කෑෂ් යොදා ගන්න කියනවා.”
වැඩ බලන්නා කියාගෙන කියාගෙන ගියා.
“ඒක නෙමෙයි ප්‍රශ්නය.කොල්ලන්ට බටා ගෙවා ගන්න සල්ලි නැහැ.ඒ නිසා අමතර ආදායමක් නැහැ.පාරට බැහැලා කීයක් හරි හොයාගන්න බැහැ.හැමෝ අතේම වීඩියෝ පෝර්න්.සිසිටිවී.”
සුබ සාධනේ කෙනා කියාගෙන යද්දි වැඩ බලන්නාට මල පැන්නා.
“අනේ ඔය විඩියෝ පෝන් සීසීටීවී බලල නිකං ඉන්න එව්වො.මගෙන් අහගන්න එපා.”
එතකොට තමයි එ්වා ගැන හිත හිත පොලිසිය වැඩ කරන්න ඕනි නැහැ කියලා සුබසාධනේට තේරුණෙ.රටම දැනගෙන උන්න ජනාධිපති මන්දිරෙන් හම්බවෙච්චි කෝටි ගාණක් ඇමතිට දෙන්න කියලා ඒ ආශිර්වාදෙන් ඒ ඇමති යටතෙම වැඩ බලන මහත්තෙක් වෙච්චි එකේ පොලීසිය ලැජ්ජාව කියන එක එච්චර හිතන්න ඕනි නැහැ කියලා සුබ සාධන නිලධාරියාට කල්පනා වුණා.
“සර් මේක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි.පහුගිය කාලෙ වැට් විරෝධවලට ගහපු එකටත් එක්ක අපේ නිලධාරීන්ට ගෙවල්වලින් ගහන්න පටන් අරගෙන.පළවෙනිද උදේ කඩේට ගියහම තමයි ස්ර් වැට් රඟේ ගෙවල්වලට දැනිලා තියෙන්නෙ.උන් ලැජ්ජාව අත ඇරලා මීට පස්සෙ හිඟන්නගෙනුත් ගාණක් ඉල්ලගෙන රස්සාව කරයි.එහෙම කරලා පඩිය ගෙදරටම යවලා ඉඳියි.ඒත් ස්ර් මේ ගෙවල්වලට යන්න බැහැ කියන මිනිස්සු ඔක්කොටම පොලිසිවල නවාතැන් දෙන්නෙ කොහොමද?”
තව ප්‍රශ්න ගොඩක් අහන්න තිබුණත් එතකොටම ආපු කෝල් එක නිසා සුබසාධනේ මනුස්සයා නිහඬ වුණා.
එහා පැත්තෙන් ආවෙ ගෙදර කෝල් එක.දැන් වැඩ බලන්නා පුටුවෙ ඇඹරෙනවා.මොකුත්ම කියන්නෙ නැහැ.ඒ එක්කම ගෙදර පාවිචිචියට නිදහස් කරලා තිබ්බ වාහනවල ඩ්‍රයිවර්ලා ටික ඔක්කොම දෙර ඇරගෙන කාර්යාලයට ආවා.
“ස්ර් බඩු ටික ගෙනාවා”
වැඩ බලන්නා ගෙදරින් එළියට දාලා.වැට් ප්‍රශ්නය නැඟලා යනවා.
ස්ර් අපිත් ගෙදර ගිහිං බඩු ටික අරගෙන එන්නද?
ඩ්‍රයිවර්ලා සමූහයම එක පාරට ඇහැව්වා.
වැඩ බලන්නා සුබ සාධනේ ප්‍රධානියා වෙච්චි නෝනා දිහා බැලුවා.
“අපේ ගෙදර මනුස්සයත් උදේ මං පිටත් කරලා ආවෙ.වැට් එකත් එක්ක කාල බීල තත්ත්වය තියාගෙන ජීවත්වෙන්නනම් තව මොකක් හරි රස්සාවක් හොයාගන්න කිව්වා.”
නෝනා කිව්වා.
ද ක්ලීනර්
