ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාව:රු.මිලියන 144කට මොකද වුණේ?

කොළඹ LNW:ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීමට අදාලව, එම ඖෂධය මෙරටට ගෙන් වූ බව කියන සමාගමට ලැබුණු රුපියල් මිලියන 144.4 ක මුදලට සිදු වූයේ කුමක්දැයි යන්න විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව එම වාර්තාව එළඹෙන ජනවාරි 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ පළමු සැකකරු වන දේශීය සමාගමේ හිමිකරුගේ බැංකු ගිනුමට රුපියල් මිලියන 144.4 ක මුදලක් තැන්පත් වී ඇති අතර, එම මුදල, එසැණින් යළි ලබාගෙන ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

එම මුදල ආපසු ගනු ලැබූවේ කවුද ? එසේ ලබා ගත් මුදල්වලට සිදු වූවේ කුමක්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ “නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන අංශය” විසින් විමර්ශනය සිදුකෙරෙයි.

මෙම මුදල් වලින් කොටසක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලැබී ඇති බවට පාර්ශ්ව රැසක් මේ වන විට චෝදනා එල්ල අකර තිබේ.

මෙම නඩුවේ පළමු සැකකරු වන අදාල සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නේ නම් එම මුදල්වලින් කොටසක් ගියේ කාටදැයි හෙළි කිරීමට ඔහු සූදානම් බවයි.

එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මේ වන විට සිය කැමැත්තෙන් මැදිහත්වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබෙන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ අමාත්‍යාංශයේ ටෙන්ඩර් පටිපාටියට අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් නොමැති බවත් වරද කර ඇත්තේ අමාත්‍යාංශ නිලධාරීන් බවත්ය.

එහෙත් පාර්ශව රැසක් ප්‍රශ්න කරමින් සිටින්නේ විෂය භාර අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව එවැනි බරපතල කාරණයක් සිදුවිය හැකිද යන්නයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...