ජීවන්ගේ පන්දුවෙන් මෙල්ල කළ බංගලාදේශයට කළණ සහ යොහාන්ගෙන් කල්පනාකාරී ජයග්‍රාහී ප්‍රහාරයක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පැවත්වෙන අටවන නීතිඥ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය සමඟ පැවති තරගයෙන් ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 9 ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා.ඒ සඳහා පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම දඩයම් කිරීමේදී පෙරමුණ ගත් ජීවන් ෂන්මුගපිල්ලේයිගේ පන්දු යැවීම කැපී පෙණුනා.ඔහු ලකුණු 17 ට කඩුලු 3 ක් දවා ගත් අතර පන්දු යවන්නන් ඉලක්කයට පන්දු යවමින් අතිරේක ලකුණු ඉතා අඩුවෙන් ලබා දීම මෙන්ම පන්දු රැකිමෙන් පෙන් වූ දස්කම් ද නිසා ශ්‍රී ලංකාවට බංගලාදේශය නියමිත පන්දු වාර 35 තුළ ලකුණු 141 ට සීමා කර ගන්නට හැකි වුණා.පන්දු 73 දී ලකුණු 60 ක් රැස් කළ ඉම්රාන් හුසේන් රූමී බංගලාදේශය වෙනුවෙන් කැපී පෙණුන පිති හරඹයක නියැලුණ ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන් විසින් සෙසු පිතිකරුවන් මත පීඩනය ගොඩ නඟමින් බංගලාදේශ ඉණිමට තිරිංග යොදනු ලැබුවා.


පිළිතුරු ඉණිම ගොඩ නැඟීමේදී බංගලාදේශ පන්දු රකින්නන්ගේ දුර්වලකම සහ ඉලක්කයට පන්දු නොයැවීමේ පහසුව ශ්‍රී ලංකාවට වාසිදායක විදිහට බලපෑවත් පන්දු යවන්නන් අතරින් ෆහාඩ් හොසේන් ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් ඇති කරන්නට සමත් වුණා.වැහි වැටෙන්නට විලිරුදාවෙන් සිටි අහස් ගැබ වැස්ස මුදා හරින මොහොත වන තෙක් කල්පනාවෙන් කඩුලු රැක ගනිමින් මෙන්ම අවශ්‍යය ලකුණු වේගය රැක ගනිමින් කඩුල්ලේ සිටි කළණ රොද්‍රිගෝ (නොදැවී 16) සහ වඩාත් පළපුරුදු යොහාන් ජිනසේන (නොදැවී 10) ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණයට රැඟෙන යන මොහොත වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 123 ක් ලෙස සටහන් වුණා.ඒ වන විට එම පන්දුවාර ප්‍රමාණයට ශ්‍රී ලංකාව ලබා ගත යුතුව තිබුණේ ලකුණු 114 ක් වූ බැවින් ශ්‍රී ලංකාවට ලකුණු 9 ක ජයක් හිමි වුණා.


ශ්‍රී ලංකා ඉණිම ලකුණෙන් ලකුණ ගොඩ දමන්නට වෙහෙසුණ පිතිකරු බල ඇණියෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් එකතු කරන්නට සමත් වුණේ කණ්ඩායම් නායක එර්ෂාන් ආරියරත්නම් වූ අතර ඔහු ලකුණු 24 ක් රැස් කරනු ලැබුවා. උප නායක කසුන් හෙට්ටිආරච්චි ලකුණු 21 ක් රැස් කරන්නට සමත් වුණා.කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ පන්දු රැකීමේ මට්ටම අන් කණ්ඩායම්වලට වඩා ඉහළින් තිබෙන බවක් දකින්නට ලැබුණ ද,අන් අංශවලදී මීට වඩා සූදානමක් සහ හැකියාවක් ඉදිරි තරගවලදී අපේක්ෂා කළ යුතුව ඇති අතර විශේෂයෙන් පන්දුවට පහර චීමේ කාරණයේදී වැඩි සැළකිල්ලක් යොමු කළ යුතු බව හොඳින්ම පැහැදිළි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...