ජංගම දුරකථනවල මිල 35% කින් ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් හෙට (01) සිට ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්  එම සංගමයේ සභාපති සමිත් සෙනරත්
එහිදී වැඩිදුරටත් පැවසුවේ , හෙට සිට ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවය.

ඒ මහතා පැවසුවේ , හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම මිල ඉහළ යාමේ තත්ත්වයත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය .

ඒ අනුව හෙට සිට රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 135,000ක පමණ මිලකට අලෙවි වනු ඇති බව වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...