*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

බදු බර සමඟ උදාවන 2024!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බදු බර අධික වන නව වසර උදාවීමට තව ඇත්තේ හෝරා කිහිපයකි.

පසුගිය 11 වනදා වැට් බද්ද ඉහළ නැංවීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු, මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 2024 ජනවාරි පළමුවනදා සිට එනම් හෙට (01) සිට 18% තෙක් ඉහළ යනු ඇත.

එහිදී මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු වැඩිවීම අදාළ වීම අනිවාර්‍ය වේ.

LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද නව වැට් බද්දට යටත් වන අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන් රථ ආනයනය” සඳහාත් වැට් බද්ද පනවනු ලැබේ.

තවද, රසායනික පොහොර හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණද වැට් බද්දට අයත් ව්න අතර, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති සඳහා ද වැට් බද්ද අදාළ වේ.

දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභාරණ, මෘදුකාංග, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරිද වැට් බද්ද වැඩිකරන භාණ්ඩ ලැයිස්තුවට අයත් වන අතර, පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිමකරන ලද සම්භාණ්ඩ සඳහාද වැට් බද්ද පනවනු ලබයි.

චිත්‍ර ශීල්පීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදී වැට් බද්දට යටත් වන අතර, මෙරටට සංචාරකයන් ගෙන්වීමේදී ලබාදෙන සේවා සඳහා එම සංචාරක ආයතනවලින් ඊට අදාලව ලබාදෙන සේවා සඳහාත් වැට් බදු අයකිරීමට නියමතයි..

චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහාද වැට් බද්ද අලුතින් පනවා ඇත. දේශීය ධාන්‍ය වර්ග යොදාගනිමින් නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර සහ දේශීයව නිෂ්පාදිත පොල්තෙල් සඳහාත්, තවද වැට් බද්ද පනවා නැති භාණ්ඩ සහ සේවා රැසක් ද රජය ප්‍රකාශයට පත් කර ඇත.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති භාණ්ඩද වැට් බද්දෙන් නිදහස් කර ඇති අතර, වැට් බද්ද වැඩි වීමත් සමග මිල ඉහළ යන ඇතැම් භාණ්ඩ හා සේවා පිළිබඳ මේ වන විටත් නිවේදනය කර තිබේ.

දුරකථන ජාල සේවා බොහොමයක් සිය බදු ඉහළ නංවා ඇති බව දැනුම් ඇති අතර, හෙට සිට සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) ප්‍රකාශ කළේය. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 90කින් ඉහළ යනු ඇත. මිලිලීටර් 375ක බෝතලයක් රුපියල් 50කින් ද මිලිලීටර් 180 මත්පැන් බෝතලයක් රුපියල් 20කින්ද ඉහළ නංවා ඇත.

අද (31) රාත්‍රියේ මේ අතර මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල ද සංශෝධනය විය හැකි බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan