සංචාරකයින් දෙදෙනකුට දුම්රියකදී පහර දීමක්! නීති කඩ කළ බවට චෝදනා

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06, කොළඹ (LNW): දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් නාවලපිටියෙන් වාර්තා වේ.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් එංගලන්ත ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (05) මෙම සිද්ධියට මුහුණ දී ඇත.

එම සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති බවටත්, ඒ අනුව, එම සංචාරකයින් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙන බව පැවසේ.

මේ අනුව පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් තුන්දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ හා නියාමකවරයෙකුගේ සේවය එලෙස අත්හිටුවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ බණ්ඩාර මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රියේ තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන පළමු පන්තියේ මැදිරියක ආසනවල ගමන් කිරීම හේතුවෙන් ඔවුන් ඉන් ඉවත් කිරීමට සිදු වූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය ගමනාගමන අධිකාරි එන්.එම්.ජේ ඉදිපොළ මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...