වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරදිය යුතු ලැයිස්තුවේ 150,000කට අධික පිරිසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): ලබන මස 01 වැනි දා සිට, දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කියා සිටී.

පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර ගැනීම සිදු කරන බව ද එම කොමිසම සඳහන් කළ අතර, ජුලි 30 වැනි දා දක්වා මෙම ප්‍රකාශ භාරදිය හැකි බවද පැවසේ.

ඒ අනුව, නව නිලධාරී සහ පුද්ගල කාණ්ඩ ගණනාවක් නව නීතිය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදිය යුතුයි.

නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්, පළාත් පාලන සභිකයන් සහ මාණ්ඩලික නිලධරීන් වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව අල්ලස් කොමිසම වැඩිදුරටත් කියයි.

මීට අමතරව විනිසුරුවරුන් සහ රජයේ නිලධරීන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන රජයේ නිලධරීන්, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන අධිකරණ නිලධාරීන් සහ ලේඛනගත රජයේ නිලධරීන් ද අමාත්‍යාංශවල සහ රජයේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරීන් ද ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, කොමිෂන් සභාවේ සභාපතිවරුන් හෝ සාමාජිකයන් ලෙස පත් කරනු ලබන තැනැත්තන් ද මේ අතරට ඇතුළත් බව සඳහන් වේ.

එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ , දූෂණ විරෝධී පනත අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.ciaboc.gov.lk පළ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...